Skip to content

වසර 2030 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කෙරේ..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශකිත් අමාත්‍යංශය පවසයි.

2030 වසර වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට යෝජිතය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය හා ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කිරීමේදී  ඊට අදාල ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව මගින් විදුලිබල මණ්ඩලයට මේවන විටත් ලබා දෙමින් පවතින බවත් සඳහන්.

ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා සමග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා මේ වන විටත් අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.

Latest