Skip to content

දත්ත වංචා නිසා "ඊලොන් මස්ක්" ගත් හදිසි තීරණය.

අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන දත්ත වංචා වැළැක්වීමේ අරමුණින් ට්විටර් සමාජ ජාලයේ පුද්ගලයෙකුට දෛනිකව කියවිය හැකි  ට්විටර් පණිවුඩ සංඛ්‍යාව සීමාකල බව ට්විටර් (Twitter) සමාගම කියයි.

එහි වත්මන් හිමිකරු ඊලොන් මස්ක් සදහන් කරන්නේ තමන් මෙම තීරණය ගත්තේ තාවකාලික හා හදිසි පියවරක් ලෙසින් බවයි.

ඒ අනුව සත්‍යාපනය කරන ලද සහ මාසිකව ඩොලර් 08ක මුදලක් වැය වන ගිණුම් සඳහා දිනකට පණිවුඩ 8,000ක් කියවීමට අවස්ථාව හිමිවන අතර සත්‍යාපනය නොකළ හෝ නොමිලේ ක්‍රියාත්මක ගිණුම් සඳහා දෛනිකව කියවිය හැකි වන්නේ පණිවුඩ 800ක් පමණක් වන බවද එම සමාගම සදහන් කරයි.

තවද ට්විටර් නව සත්‍යාපනය නොකළ ගිණුමක් සඳහා දිනකට කියවිය හැකි පණිවුඩ සංඛ්‍යාව 400කට සීමාකිරීමටද කටයුතු කර තිබේ.

Latest