Skip to content

ඊලෝන් මස්ක් නැවතත් මුල්තැනට

ටෙස්ලා සමාගමේ ප්‍රධානී ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධානියා වූ ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට යළිත් වරක් පත්ව තිබේ.

ලොව විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදන ජාලයේ හිමිකරු වන 73 හැවිරිදි  ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට පත් කරමින් මෙලෙස ඔහු ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ඊලොන් මස්ක් අභිබවා යමින් බර්නාඩ් ආනොල්ට් පසුගිය දෙසැම්බර් මාසයේදී පළමු තැනට පත්ව තිබුණි.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඊලොන් මස්ක්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3ක් වන අතර බර්නාඩ් ආනොල්ට් ආදායම බිලියන 186.6ක් ලෙස දැක්වෙයි.

බර්නාඩ් ආනොල්ට්ගේ වත්කම් පසුගිය දින කිහිපය තුල සීග්‍රයෙන් කඩා වැටීම හේතුවෙන් ඊලොන් මස්ක් නැවත ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය ගැනිීමට හැකිව ඇත.

බර්නාඩ් ආනොල්ට් සහ ඊලොන් මසක්

කෙසේ වෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට මේ වසරේදී ඔවුන් දෙදෙනා අතර කරට කර සටනක් පවතිනු ඇති බවටය.

Latest