Skip to content

ආරච්චිකට්ටුවට අලි ඇවිත්..!

ආරච්චිකටුව - ආනවිළුන්දාව ප්‍රදේශයට කඩා වැදී සිටි වන අලින් තුන්දෙනෙක්ව විල්පත ප්‍රදේශය හරහා මහකුඹුක්කඩවල දක්වා රැගෙන යාමට කටයුතු කර ඇති බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි.

07 වැනිදා රාත්‍රීයේ මෙම වන අලින් තිදෙනා ආනවිළුන්දාව රම්සා අභය භූමිය වෙත පැමිණ ඇත. වන අලින් දැක ඇති ගම්වාසීන් ඒ බව ආනවිළුන්දාව වන ජීවී නිලධාරීන්ට සහ ආරච්චිකට්ටුව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

08 වැනිදා අළුයම වන විට එම වන අලින් තිදෙනා විල්පත දක්වා රැගෙන යාමට හැකිවූ බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි. 08 වැනිදා රාත්‍රී කාලයේදී මෙම වන අලින්ව මහකුඹුක්කඩවල ප්‍රදේශයට රැගෙන යාමට අදහස් කර ඇති බවද එම නිලධාරීන් සදහන් කරයි.

ගම් වැදී සිටි වන අලින් සුළු වගා හානි පමණක් සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

මහකුඹුක්කඩවල ප්‍රදේශය තුළ මේ වන විට වන අලි 100 කට වැඩි දෙනෙකු රැදී සිටින බව ගම්වාසීන් සදහන් කරයි.

Latest