Skip to content

අලි මරණ වැඩි වෙලා.

2023 ජනවාරි සිට අප්‍රියල් මාසය අවසන් වන විට මෙරට වන අලින් 151 දෙනෙකු මිය ගොස් ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අළුත්ම වර්තාවක සදහන් වේ.වන අලින් 67 දෙනෙකු මිය ගොස් ඇත්තේ සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවත්, ඒ අතරින් වන අලින් 06 දෙනෙකු මිය ගොස් ඇත්තේ "හක්කාපටස්" උගුලට හසුවීමෙන් බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

2022 වසර තුළ මෙරට වන අලි මරණ 433 ක් වර්තා වී ඇත.

වන ජීවී දෙපාර්තමේන්තු වාර්තා අනුව මෙරට වන අලින් 7000 ක් පමණ ජීවත් වේ.නමුත් වන ජීවී සංරක්ෂකයින් කියා සිටින්නේ එම ප්‍රමාණය ඊට වඩා අඩු විය හැකි බවය.

මෙරට ක්‍රියාත්මක වන වන ජීවී පනත ඇතුළු නීති - රීති ප්‍රබල වුවත්,එම නීති බලාත්මක කිරීමේ ක්‍රමවේදය ඉතාමත්ම දුර්වල තත්ත්වයක පවතින බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සදහන් කරයි. එමෙන්ම වන ජීවී දෙපාර්තමේන්තුවේ සේවක පිරිසද සුළු මට්ටමක පවතින බවද ගුණවර්ධන මහතා කියා සිටී.

වන අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සදහා රජය විසින් 2019 – 2020 වසර වලදී පමණක් රුපියල් මිලියන 490 ක් වැය කර කිලෝ මීටර් 4,756 ක අලි වැටක්ද ස්ථාපනය කර ඇත. නිසි ස්ථාන වල ස්ථාපනය නොකිරීමත්, නඩත්තු කටයුතු අවම වීමත් හේතුවෙන් අලි වැට ස්ථීර විසදුමක් නොවන බව සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. එම හේතුව නිසාම අලි වැට ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවද හෙතෙම සදහන් කරයි.

මේ අතර වන ජීවී දෙපාර්තමේන්තුව කියා සිටින්නේ දිනෙන් දින අලි මරණ ඉහළ යාම අනාගතයේ භයානක අනතුරක පෙර නිමිත්තක් බවය.

මෙහෙම ගියොත් අලිසම්පතත් අහිමි වෙයි.
ලංකාව තුල 2023 වසරේ ජනවාරි 01 වනදා සිට ජුනි 22 වනදා දක්වා කාලය තුලදී විවිධ වූ හේතුන් මත සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින් 152 දෙනෙ

Latest