Skip to content

නැවත මැතිවරණයට දින කියන්නේ නැහැ - මැතිවරණ කොමිසම

මැතිවරණයට අවශ්‍ය ප්‍රතිපාදන සපයන තෙක්  මැතිවරණයට දින නියම නොකරන බවට මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා මහතා සඳහන් කරයි.

දැන් අවස්ථා දෙකකදී මැතිවරණයට දින නියම කර   ප්‍රතිපාදන නැතැයි කල් දැමීමට සිදුවුණා. මැතිවරණ දින ප්‍රකාශයට පත් කරමින් දිගින් දිගටම ඒවා කල් දැමීම තුළින් මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් වන බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් මේ වන තුරු මැතිවරණය පැවැත්වෙනවා ද නැද්ද යන තීරණය වෙනුවෙන් දරා ඇති වියදම සම්බන්ධයෙන් සටහණක් පහුගිය දිනක බීබීසී පුවත් සේවය වාර්තා කර තිබිණ.

සම්පුර්ණ වාර්තාව පහලින් කියවන්න https://www.bbc.com/sinhala/articles/cv24pywndl1o

පසුගිය දා අප වෙත එවන ලද සහතික කළ තොරතුරු අනුව 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබේ.

2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබේ.

2023 පෙබරවාරි මස අවසන් වනවිට පුනරාවර්ථන වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති මුදල රුපියල් මිලියන 127කට අධිකය.

Latest