Skip to content

තවමත් කතා විතරක් කරන පුංචි ඡන්ද...

මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මැතිවරණය පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ බොහෝ දුරට තීරණයක් ගනු ඇති බවයි.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්විණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේ, අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අසීරු බවත් ඡන්දය පැවැත්වෙන දිනය අප්‍රේල් 25 ට පෙර ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ය.

Latest