රජය මඟින් මින් පෙර බිත්තර විකිණීම සඳහා පාලන මිලක් නියම කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය ඊයේ (ජූලි 25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇත.
මෙරට තුල පසුගිය කාලය පුරාවටම බිත්තර විකිණීම විවිධ මිල ගණන් යටතේ සිදු කිරීම හේතුවෙන් පසුගිය අප්‍රේල් මස රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සුදු බිත්තරයක් රුපියල් 44/= ද රතු බිත්තරයක් රුපියල් 46/=ද විකිණීමට නියම කලේය. එමෙන්ම සුදු බිත්තර කිලෝග්‍රෑමයක් රුපියල් 880/= කටද රතු බිත්තර කිලෝග්‍රෑමයක් රුපියල් 920/= කටද විකිණිය යුතු බව එමඟින් නියම කෙරිණ.
එහෙත් රජයේ පාලන මිල ගණන් උල්ලංඝණය කරමින් රට පුරා බිත්තර විකිණීම සිදු කෙරුණු අතර පාරිභෝගික අධිකාරිය විසින් එවැනි වෙළඳුන් සොයා නිරන්තර වැටලීම්ද සිදු කලේය.
එවැනි වටපිටාවක් තුල රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට යොමු වූ අතර එහි ආරම්භක පියවර ලෙස එම ආනයනික බිත්තර හෝටල් කර්මාන්තයේ නියලෙන ව්‍යාපාරිකයින් වෙත බෙදා හැරිණ. එවැනි වටපිටාවක් තුල රට තුල විටින් විට බිත්තර හිඟයක්ද පැවතුන අතර බිත්තර විකිනීමද ක්‍රමවත්ව සිදු නොවිණ.
මේ හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර අද සිට සතොස සහ සුපිරි වෙළඳසැල් වෙතද යොමු කිරීමට රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව අද දින සිට මෙරට සතොස වෙළඳසැල් මඟින් බිත්තර රුපියල් 35/= මුදලකට මිලදී ගත හැකි බවත් සුපිරි වෙළඳසැල් මගින් විකිනීම සුදු කෙරෙන බිත්තර රුපියල් 40/= (ඇසුරුම් කරන ලද) වැනි මිලකටත් ලබා ගත හැකි බැව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කලේය.