Skip to content

සුඛෝපභෝගී සහ​ Off Road අත්දැකීම් ඔබට ලබා දෙන​ EarthRoamer

ට්‍රැවල් කරන්න කැමති සියලු දෙනාම වෙනුවෙන් තමයි අද මම සටහන සූදානම් කරගෙන තිබෙන්නේ. කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් travel destinations ගැන නෙවෙයි, මොකද ඒක ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂව වෙනස් වන දෙයක් නිසා. කඳු නගින්න ආස සමහරුන් රාෆ්ටින් වලට කැමති නැති වෙන්න පුලුවන්. බීච් සයිඩ්ස් වලට ආස සමහරුන් වයිල්ඩ් ලයිෆ් එකට උනන්දුවක් නැති වෙන්න පුලුවන්. මෙන්න මේ වගේ..

කොහොම නමුත් ඔයාල යන්න ආස ලොකේෂන් එක මොකක් උනත්, ඒ යන ඕනම තැනක luxury විදිහට ඉන්න පුලුවන් පහසුකම් ටික අපි යන වාහනයේම තිබුනොත් ඒක කොහොම වෙයිද​? හොටෙල්ස් බුක් කරන්න ඕනෙ නැහැ, තමන්ට කැමති තැනක උයා පිහා ගෙන entertainment thrill එකත් උපරිමයෙන්ම විඳගෙන ඉන්නයි තියෙන්නේ. එහෙමනම් අද අපේ මාතෘකාව දිව යන්නේ ඕනෑම ආන්තික පරිසර තත්වයක ගමන් කරන්න පුලුවන් අති සුඛෝපභෝගී වාහනයක් වෙන EarthRoamer එක​ පිළිබඳව.

EarthRoamer එකේ මාදිලි නම් බොහොමයක් තියෙනවා. පාරිභෝහිකයන්ට උවමනා වෙන විදිහේ custom features එකතු කරන්න අවස්ථාවත් ආයතනය වෙතින් සලස්වලා දීල තිබෙනවා. ඒ අනුව තමයි ඇත්තෙන්ම වාහන ඛාණ්ඩයන්ගේ මිල ගණන් උනත් තීරණය වෙන්නේ. පොදුවේ තිබෙන ලක්‍ෂණ ගත්තොත් වාහනයේ රූෆ් එකේ සෝලාර් පැනල්ස් තිබෙනවා අවශ්‍ය කරන විද්‍යුතය ආරෝපණය කරගන්න​. Off road capabilities එහෙමත් උපරිමයෙන්ම රථයට හිමි වෙනවා. Wildlife එක​ explore කරන්න කැමති අයට නම් EarthRoamer කියන්නේ කියාපුම වාහනයක්.

මෙහි වඩාත් ජනප්‍රියතම මාදිලිය විදිහට සැලකෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු සඳහා නිර්මාණය කර ඇති XV-LTS කියන ඛාණ්ඩය​. එය ඉඩකඩ සහිත විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින්, නාන කාමරයකින් සහ විශාල ජල ටැංකියකින් සමන්විත වනවා. දෙදෙනෙකුට සුව පහසුවෙන් නිදන්න පුලුවන් ඇඳකුත් රූපවාහිනී දෙකකුත් සහ අංශක 360ම ආවරණය වන පරිදි ආරක්‍ෂිත කැමරා පද්ධතියකුත් මෙම වාහනයේ සමන්විතයි. EarthRoamer SX කියන්නේ තරමක් විශාලත්වයෙන් වැඩි ලෙස සහ පුද්ගලයන් හතර දෙනෙකුට නවාතැන් ගන්න පහසු ලෙස සකස් කරන ලද​ ඛාණ්ඩයක්. ධාරිතාවයට සරිලන විදිහටම බලවත් එන්ජිමකුත් විශාල ඉන්ධන ටැංකියකුත් මෙයට ඇතුලත් කරන්න නිෂ්පාදකයින් කටයුතු කරලා තිබෙනවා. ලැයිස්තුවේ විශාලතම මාදිලිය වන්නේ earthroamer HD. Off-road capability එක වගේම සුව පහසුවේ උපරිමය පාරිභෝගිකයාට ලබා දෙන්නත් මේ මාදිළියට හැකි වෙලා තිබෙනවා. ඩීසල් එන්ජිමක් වගේම ඉන්ධන​, බැටරිය සහ ජල ටැංකියේ ධාරිතාවයත් මෙම මාදිලියේ විශාල වශයෙන් පුළුල් කරලයි තිබෙන්නේ.

Home - EarthRoamer
PreRoamedLIVE YOUR DREAMAdventuresROAM THE EARTH DREAM BIGDREAM BIGGERPreRoamedLIVE YOUR DREAMGALLERIESSTEP INSIDEGalleriesSEE FOR YOURSELFAdventureROAM THE EARTHThe Global Leader in Expedition VehicleEngineeringThe Global Leader in Expedition VehicleManufacturingThe Global Leader in Expedition Vehi…

කොහොම නමුත් මතක තබා ගන්න ඕන දේ තමයි earthroamer වාහන මිලෙන් බොහොම අධිකයි කියන එක​. XV-LTS ඛාණ්ඩයේ මිලම ඩොලර් මිලියනය ඉක්මවා යනවා. ඇත්තෙන්ම කීවොතින් මිල එතැනින් නතර වෙන්නෙත් නැහැ. පාරිභෝගිකයින් වාහනයට එකතු කරන ඔප්‍ෂන්ස් මත සැලකිය යුතු ලෙස මිල ඉහළ යනවා. උදාහරණයක් ලෙස fully-loaded HD මාදිලියක් ඩොලර් මිලියන 2කටත් වඩා වැඩි වෙනවා. නමුත් විශ්වාස කරන්න, මේ තරම් ඉහළ මිළ ගණන් යටතේ උන​ත් EarthRoamer වාහන සඳහා තිබෙන්නේ අධික ඉල්ලුමක්.

EarthRoamer රථ​ ජනප්‍රිය පුද්ගලයන් අතරට celebritiesලා වෘත්තීමය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ​ අති ධනවත් ව්‍යාපාරිකයින් එහෙමත් ඇතුලත් ක​ර​න්න පුලුවන්. නිෂ්පාදකයින් සඳහන් කරන විදිහට නම් අධික මිලක් නියම කරන්න හේතුව වෙලා තිබෙන්නේම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන කල්පවත්නා නිමාවකින් යුතුව රථය නිර්මාණය කිරීමට ඔවුනට දරන්න වෙලා තිබෙන පිරිවැය​. ගෙවන මිලට අසාධාරණයක් නොවන්නට ඔවුන් විසින් නවීනතම සහ වඩාත්ම දියුණු තාක්‍ෂණයන් EarthRoamer වෙතට එකතු කරලා තිබෙනවා. කොහොම නමුත් පෘථිවියේ වඩාත්ම දුරස්ථ සහ අභියෝගාත්මක ස්ථාන ගවේෂණය කරන්න ඉඩ සලස්වන අති සුඛෝපභෝගී වාහනයක් නිසාවෙන් කොපමණ මිල අධික වුණත් EarthRoamer බොහෝ ධනවතුන්ගේ තේරීම බවට පත්වෙලා තිබෙනවා.

බස් රථයක් ඇසුරෙන් මෙරට දී නිර්මාණය කරන ලද කැරවන් රථය පිළිබඳව ලිපිය.  

තමන්ම හදපු බස් එකෙන් රට වටේ යන නුවර සුරංග..!
තමන් විසින්ම සිය ශ්‍රමය යොදා ප්‍රති නිර්මාණය කරනලද අපූරුතම බස් රථයක් උපයෝගී කරගනිමින් රට වටා සංචාරය කර පසුව ලෝක සවාරියක්ද යැමේ අරමුණින් පසුවන තරු

EarthRoamer Interior එක​ දැක බලා ගන්න ඔයාලට පුලුවන් පහත සබැඳියෙන්. එහෙමනම් රසබර ලිපියකින් නැවතත් හමුවෙමු!

Latest