Skip to content

හයිටියේ ප්‍රභල භූ කම්පනයක්

හයිටි රාජ්‍යයේ අද (06) දින අති වූ ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලියින් තිදෙනෙකු මිය ගොස් 28 දෙනෙකුට තුවාල සිදුකරමින් පවුල් 7000 කට අධික පුද්ගලයින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇතැයි විදේස මාධ්‍ය පෙන්වා දෙයි.

හයිටි රාජ්‍යට දින කිහිපයක සිට ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන හමුවේ දැඩි ගංවතුර තත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 4.9ක අගයක් ගනිමින් ඇතිව තිබෙයි.

කෙසේ වෙතත් දින කිහිපයක සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර තත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 42 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතරම විපතට පත් පුද්ගලයින් ගණනය කිරීමටද නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද එරට ආපදා නිලධාරීන් පවසා සිටිති.

කෙසේ වෙතත් විපතට පත්ව සිටින ජනතාවට සහන සැපයීම සඳහාද අදාල ප්‍රදේශයන් වෙතට යාමට නොහැකිව ඇත්තේ පවතින ගංවතුර සහ වර්ෂාපතන තත්වයන් හේතුවෙන් වන අතර භූ කම්පනයෙන් තුවාල ලැබූ සහ මිය ගිය ප්‍රමාණයන් ඉහල යා හැකි බවටද එරට මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Latest