Skip to content

දවසටම පැය 06 ක් හිරු එළිය ලැබෙන කොහොනාගම.

අපේ රටට දවසේ පැය 24 න් වැඩිම කාලයක් හිරු එළිය වැටෙන බව    සත්‍යයකි.එනමුත් මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා නම් බොහෝ ප්‍රදේශ වලට ප්‍රමාණවත් තරම් හිරු එළියක් වැටෙන්නේ නැත.

නමුත් අපේ රටේ ඇති එක්තරා ගමකට දවසටම හිරි එළිය ලැබෙන්නේ පෙරවරු 9.00 ත් සවස 3.00 අතර පැය 06 ක පමණ පුංචි කාලය තුළ පමණක් බව අපි කිව්වොත් ඇතැම් විට එය ඔබ නොපිළිගන්නවා වන්නට පුළුවන්. මොකද ඝර්ම කලාපයේ පිහිටි අපේ රටේ එවන් ගම්මානයක් තිබීමට නොහැකි නිසාය.නමුත් කථාව ඇත්තය.

බදුල්ල දිස්ත්‍රික්කයේ තියන "කොහොනාවල" ගම තමයි අපේ අටේ හිරු එළිය අඩුවෙන්ම ලැබෙන ප්‍රදේශය වී ඇත්තේ.රටේ බොහෝ දෙනෙකු කෙසේ වෙත්ත බදුල්ල අවට ජීවත් වන ඇතමුන් පවා කොහොනාවල ගම ගැන නොදන්නා බවද කියති.

කොහොනාවල ගමේ පවුල් 45 ක් පමණ ජීවත් වෙයි.මේ සියළුම දෙනා "රන්පත් මුදියන්සේලාගේ" නම් පෙළපතට උරුම කම් කියති.ඒ නිසාම කොහොනාවල ගමේ ජීවත් වන සියළුම දෙනා එකි නෙකාට ඥාතීන් බවද කියති.වලගම්බා රජුගේ ඇමතිවරයෙකු වූ කෝණාර යුද්ධයෙන් පැරදී සැගවී සිටියේ කොහොනාවල ගම්මානයේ බව කියති.එමෙන්ම 1818 පැවති කැරැල්ලට සහාය පළ කළ රණකාමීන් වූ රන්පත් මුදියන්සේලාගේ පරම්පරාව ජීවත් වී ඇත්තේද මේ කොහොනාවල ගමේ බව අතීත කථා දන්නෝ කියති. වර්තමානයේ කොහොනාවල ජීවත් වන්නේ ඔවුන්ගෙන් පැවත එන පිරිස වේ.

අපි මේ කථා කරන කොහොනාවල ගම පිහිටා තිබන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ තිබෙන මඩොල්සිහගම කදු වළල්ලෙන් එපිටය.ඒ විතරක් නෙමෙයි කදු වළල්ලේ අඩි 4500 ක් පමණ වන බෑවුමක තමයි කොහොනාගම පිහිටා තිබෙන්නේ.ගම වටේම තියන කදු පන්තියත්,ගම බෑවුමක පිහිටා තිබීමත් හේතු කරගෙන තමයි ප්‍රමාණවත් තරම් හිරු එළියක් ගමට වැටෙන්නේ නැත්තේ.

මේ ගමේ ජීවත් වන සියළුම දෙනාගේ ජීවන වෘත්තීය වී තිබෙන්නේ ගොවිතැන.ගමේ තියන එකම පාසල ඔවුන්ගේ ප්‍රධානතම වත්කම වී ඇත.

කොහොනාගම ගමට ඉද හිට සංචාරකයින් නම් එන බවක් දක්නට ඇත.නමුත් ගම්මුන්ට ඉන් පළක් නැත.ඔවුන් තමන්ගේ පාඩුවේ ගොවිතැන් කරගෙන දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දී තමන්ගේ ජීවිකාව කරගෙන යන නිසාය.

කොහොනාගම ගමට යන්න මාර්ග දෙකක් තිබේ.එක් මාර්ගයක් වන්නේ බදුල්ලේ සිට උරුවිතැන්න හරහා කහටරුප්ප මාර්ගයෙන් ගමන් කිරීමය. ලෙග්ගල්ඔය දුර්ගය පසු කරමින්ද කොහොනාගමට යාමට ඔබට හැකියාවක් ඇත.

අපේ රටේ අඩුවෙන්ම හිරු එළිය ලැබෙන කොහොනාගම බලන්න ගියාට කමක් නැත.ඒ ගමට ස්වභාවයෙන්ම ලැබී ඇති සුන්දරත්වය විනාශ නොකරන්නට වග බලා ගැනීම අතීශයින්ම වැදගත් කරුණක් වන බව නම් අවසන් කොට ලියා තබමි.

Latest