Skip to content

දුෂකයෙක් නොවේ විදුහල්පති කෙනෙක් ඕනේ.....

වරකාපොල බාබුල් හසන් මුස්ලිම් මහා විද්‍යාලයට විනයක් ඇති විදුහල්පති කෙනෙක් අවශ්‍යයි පත්වෙලා ඇවිත් ඉන්නේ මේ පාසැලේ මුදල් වංචා කරල කාන්තාවන්ට බල පෑම් කරල විනය පරීක්ෂණ කරල මෙහෙන් මාරු කරල යවපු කෙනා

මේ පාසැලෙන් ගිහින් තවත් පාසැල් දෙකකට විදුහල් පති  හැටියට ගියා ඒ පාසැල් වලත් ඉන්න කාන්තාවන් හිංසනයට ලක් කලා ඒ පාසැල් වලත් මුල්‍ය වංචා කරල අහුවෙලා දෙමාපියන් එලෙව්වා දැන් ආයෙත් මේ පාසැලට ඇවිල්ලා මේ පාසැල ආයේත් විනාශ කරන්න දෙන්න බෑ                            

මේ පාසැලේ දරුවන් 800  වැඩියෙන් අධ්‍යාපනය ලබනව . ඒ දරුවන් ආරක්ෂා කරල හොඳට   අධ්‍යාපනය ලබා ගන්න පහසුකම් සපයන විනයක් ඇති විදුහල්පති කෙනෙක් දෙන්න කියල සබරගමු පලාත් අධ්‍යාපන කාර්‍යාලයට කලාප කාර්‍යාලයට කොට්ඨාශ කාර්‍යාලයට ලිඛිතව දැනුම් දුන්නා නිසි විසඳුමක් නෑ අපිට පාසැල විනාශ වෙන්න දෙන්න බෑ යනුවෙන් ලියන ලද පුවරු අතැතිව අද 28 දා විද්‍යාලයේ දොරටුව ඉදිරිපිට දෙමාපියන් උද්ඝෝෂණයක නිරතවිය.

මේ විරෝධතාවය කලේ අධ්‍යාපන බලධාරින් නිහඬ නිසයි අධ්‍යාපන ලොක්කෝ මේ විදුහල්පතිට බයවෙලාද යටවෙලාද කියන එකත් අපට තිබෙන ප්‍රශ්ණයක් බව උද්ඝෝෂණයට පැමිණි  දෙමාපියන් පැවසීය

Latest