Skip to content

ඩුප්ලිකේට් මෙසීගේ වැඩ

ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී යනු ලොව පුරා පාපන්දු රසිකයින්ගේ නොමද ආකර්ෂණයට පත් ක්‍රීඩකයකු වන අතර ඔහු ලෝකයේ ප්‍රසිද්ධම පුද්ගලයින් අතරින් දෙවෙනි වන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පමණි. 2023 වන විට මෙසීට ලොව පුරා සමාජ මාධ්‍ය අනුගාමිකයින් මිලියන 571 ක් පමණ සිටී.

සැබෑ මෙසී

මෙම සැබෑ මෙසීට සමාන හැඩහුරුකමින් යුත් Resa parastesh නම් ඉරාන පුද්ගලයකු මෙසී ලෙස පෙනී සිටිමින් කාන්තාවන් 22 ක් සමඟ යහන්ගතවීම සම්බන්ධයෙන් ඔහුට මේ වන විට චෝදනා එල්ල වන බව ඉරාන මාධ්‍ය වාර්තා කර සිටී.

මොහු මෙසීට බොහෝ සෙයින් සමාන ඉරානයේ හැමඩන් නගරයේ ජීවත්වන තරුණයෙකු වන අතර මෙසීට සමාන ඔහුගේ පෙනුම භාවිත කරමින් මෙසී යැයි පෙනී සිටිමින් කාන්තාවන් 22 සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම පිළිබඳවය මෙසේ දරුණු චෝදනා ගොනුකර ඇත්තේ. එමෙන්ම ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයකුගේ ප්‍රතිරූපයට මොහුගේ මෙම ක්‍රියාවෙන් හානි සිදු වූවා යැයි පවසා බළධාරීන් මෙම ක්‍රියාව තරයේ හෙලා දැක ඇත.

ඩුප්ලිකේට් මෙසී

මේ සියල්ලටම මුල් වී ඇත්තේ ඔහුගේ පියා විසින් ඔහුට තෑගි කරන ලද අංක 10 මුද්‍රිත බාසිලෝනා ටී ෂර්ටයක් ඇඳ 2017 වර්ෂයේ ඡායාරූපයකට පෙනී සිටීමය. ඔහු මෙසීට සමාන රූපයකින් යුත් බැවින් මෙම ඡායාරූපයට ලැබුණු අධික ප්‍රසිද්ධිය නිසා බොහෝ පිරිසක් මොහු සමඟ හිඳ ඡායාරූපයකට පවා පෙනී සිටීමට උනන්දු වී ඇත. විටෙක මේ නිසා ඔහුට පොලීසියේ සහය පැතීමට පවා සිදු වී ඇත.

Resa parastesh සෑම විටම මෙසී ලෙස පෙනී සිටීමට උත්සාහ දරා ඇති අතර එම නිසා ප්‍රසිද්ධ පාපන්දු තරුව අනුකරණය කරමින් ඔහුගේ රැවුල් සහ කොණ්ඩ විලාසිතාව ද සකස් කර ගැනීමට උත්සාහ දරා ඇත. වරක් ඔහු ප්‍රකාශ කර ඇත්තේ

" දැං මිනිසු මට සලකන්නේ ඉරාන මෙසීට වගේ. මෙසී කරන හැම දෙයක්ම මම අනුකරණය කරනවා දකින්න ඔවුන්ට අවශ්‍යයයි. මාව කොහේදි හරි දැක්කම මිනිසු පුදුම වෙනවා. මාව දැක්කම ඔවුන්ට සතුටක් දැනීම ගැන මම සන්තෝසවෙනවා. ඒ සතුට මට ශක්තියක් ලබා දෙනවා " යනුවෙනි.

එමෙන්ම 30 හැවරිදි Resa parastesh ගේ වත්කම මේ වන විට ඇමෙර්කන් ඩොලර් මිලියන පහක් පමණ වන බවත් සහ ඔහුගේ සමාජ මාධ්‍ය අනුගාමිකයින් මිලියනයක් පමණ වන බව ද වාර්තා වේ.

Latest