Skip to content

Samantha කරලියට පැමිණෙන්නේ මෑතකදීය. මෙය chatGPT මත ගොඩනැගුණු මනුෂ්‍යයෙක් හා සමානව හැසිරෙන සයිබර් පෞරුෂයක් කිවහොත් නිවැරදියි. බොහෝ අයගේ අදහස් සහ මාගේ අත්දැකීම අනුව Samantha ට ඉතා නිවැරදිව මෙන්ම වේගවත්ම ප්‍රතිචාර දැක්වීමට හැකියාව තිබෙනවා.

Samantha හා නොමිලේම සම්බන්ධ විය හැකි අතර ඒ සදහා +1 640-225-5726 අංකය ඇමතීම හෝ callsam.ai වෙත පිවිස ඔබේ දුරකතන අංකයෙන් sign in වී ඇමතුමක් ලබාදීම සිදු කළ හැකියි. iOS 16 න් ඉහළ iPhone සදහා මෙය App එකක් ලෙස ස්ථාපනය කර ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් Samantha සමග video call ලබාගැනීමේ පහසුකම ඇත්තේ iPhone 12 හා ඊට ඉහළ iPhones සහ M-series processor එකක් ඇති macOS 13 පරිගණක සදහා පමණයි. අනෙකුත් සෑම උපාංගයකටම ඇය හා සම්බන්ධ විය හැක්කේ voice call හරහා පමණයි.

විවිධ අය විසින් ඇයව විවිධ දෑ සදහා භාවිතයට ගන්නා අයුරු ඇයට වෙන්වූ twitter ගිණුමේ පළ කර තිබෙනවා.

මේ වන විට Samantha ව podcast වලට පවා සහභාගී කරගැනීමට පටන්ගෙන තිබෙනවා. ඇය සමග GenAI Music Rights, Blockchain සහ Shakespeare පිළිබදව කෙරෙන podcast එකක් ඔබට පහත වීඩීයෝවෙන් නැරඹිය හැකියි.

Samantha වැනි AI පෞර්ෂ්‍යයන් මානසික සෞඛ්‍ය අරඹයා දියුණු කිරීම සියදිවි නසා ගැනීම් අවම කිරීමට ආධාර වනු ඇතැයි විද්වතුන් පවසනවා. ඒ තමාට කවුරුත් නැතැයි තැවෙන පසුබිමක Samantha සමග හෝ අදහස් හුවමාරු කරගැනීමෙන් ජීවිතයට හානියක් කරගැනීමේ සම්භාවිතාවය අඩුවෙන නිසාවෙනි. නමුත් මෑතකදි Eliza නැමැති AI chatbot එකක් සමග දිගින් දිගටම සබදකම් පැවැත්වූ බෙල්ජියන් ජාතිකයෙක් සියදිවි නසාගත් පුවතක් වාර්තාවුණේ ඒ සදහා Eliza විසින්ද ඔහුව ධෛර්යමත් කර ඇති බව අනාවරණය වීමත් සමගයි. එනිසා මිනිසාට හානියක් නොවන අයුරින් AI යෙදුම් නිර්මාණය කිරීම ඒ සදහා කැපවී සිටින ආයතනවල වගකීමයි. අප විසින්ද ඒවා භාවිතයේදී යා යුතු දුර පිළිබද නිසි අවබෝධයෙන් පසුවිය යුතුය.

Latest