Skip to content

දත්ත හොරු මාට්ටු : Trivial Sites #02

අපි එදිනෙදා අන්තර්ජාලය පාවිච්චි කරද්දි විවිධ වෙඩ් අඩවි වලට අපේ පෞද්ගලික දත්ත ලබාදෙනවා. අදාළ සේවය ගන්න තියන අවශ්‍යතාවය නිසා අපිට එහෙම කරන්නම වෙන අවස්ථා ගොඩයි. මේ වෙනකොට කොච්චර ආයතන ගාණක් ළග ඔයාගෙ personal data ඇතිද? ඒවා ආරක්ෂිතද? දුන්නු data අයින් කරගන්න පුලුවන්ද? මේ හැමදෙයක්ම එකම තැනකින් දැනගන්න පුලුවන් ගොඩක් ප්‍රයෝජනවත් site එකක් ගැන තමයි මේ ලිපිය...

මේ site එකේ නම MINE. මේක පාවිච්චි කරලා ඔයාගෙ data ළග තියාගෙන ඉන්න ආයතන මොනවද, ඒ ඒ ආයතන සතුව අපේ personal data වලට කොච්චර ආරක්ෂාවක් තියනවද කියන එක ගැන දැනගන්න වගේම ඒ ආයතනවලින් ඔයාගෙ data අයින් කරගන්න වුණත් ඔයාට පුලුවන්කම තියනවා.

Mine
Mine allows digital users to discover, and effectively manage what the internet knows about them, their digital footprint.

මේ හැමදෙයක්ම දැනගන්නෙ කොහොමද?

Site එකේ account එකක් හදද්දි එයාලා අපේ email එකට access ඉල්ලනවා. ඒකට හේතුව තමයි අපේ data තියාගෙන ඉන්න ආයතන හදුනගන්න මෙයාලා පාවිච්චි කරන්නෙ අපේ email එක වීම. Mail එකේ තියන හැම හෝඩුවාවක් පස්සෙම ගිහිල්ලා Mine එකෙන් අපේ data තියන් ඉන්න ආයතන සෙට් එකව හොයාගන්නවා. මේකෙ CEO වෙන Gal Ringel කියන විදිහට අපි මාර්ගගතව කරන හැම දෙයක් ගැනම අපේ mail එක පාවිච්චි කරල ඉගියක් ගන්න පුලුවන්..

විශ්වාසද?

මගේ පෞද්ගලික මතය "ඔව්". එහෙම කියන්න හේතුව අවුරුදු ගාණක් තිස්සෙ මේ site එක කිසිම ප්‍රශ්නයක් නැතුව එයාලගෙ service එක ලබාදීලා තියෙනවා. ඒවගේම මිලියන 4 කට අධික පරිශීලකයින් පිරිසක් Mine එක්ක එකතුවෙලා ඉන්නවා. කොහොමවුණත් පාවිච්චි කරනවද නැද්ද කියන තීරණය තියෙන්නෙ ඔයාගෙ අතේ..

දුන්නු Data ගන්නෙ කොහොමද?

මම කලින් සදහන් කරපු විදිහට මෙයාලට අපේ mail එකට ඇතුල්වෙන්න අවශ්‍ය බලය අපි විසින්ම දෙනවා. අපේ data අදාළ ආයතන වලින් අයින්කරල දෙන්න එයාලා පාවිච්චි කරන්නෙ අපේ mail box එකම තමයි. අපි තෝරගන්න ආයතනයකින් personal data අයින් කරන්න කියල ඉල්ලීමක් කරලා email එකක් ස්වයංක්‍රීයවම, අපේ නමෙන් යැවෙන එක තමයි මෙතෙන්දි වෙන්නෙ. මේ වෙද්දි Mine පාවිච්ච කරලා මේ විදිහෙ deletion requests මිලියන 1.3 ක් ආයතන වෙත යවල තියනවා.

ඉල්ලීමක් කළ පමණින් data delete වෙයිද?

අපේ data එකතු කරගෙන ඉන්න ආයතන හැමවෙලේම බලන්නෙ තමන්ගෙ සේවය ලබාගන්න පරිශීලකයින්ට හොද අත්දැකීමක් ලබාදෙන්න. ඒවගේම තමන්ගෙ ආයතනය ගැන වැරදි අදහසක් ඇති නොවෙන විදිහට කටයුතු කරන්න. ඉතින් මේ වගේ ඉල්ලීම් වලට සාධාරණය ඉටු කරන එකත් ඒදේවල්වල කොටසක් වෙනවා. ඒ නිසා බොහොමයක් ආයතන මේ ඉල්ලීම්වලට අවධානය දෙනවා.

Site එකේ CEO කියන්නෙ, සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයෙක්ගෙ data තියාගෙන ඉන්න ආයතන ගණන 350 ක් විතර වෙනවා කියලා. හැබැයි මේක ලියන මං ගැන දන්නෙ company 109  ක් විතරයි. එහෙම හිතල සතුටුවෙන්න වෙනවා :)

Site එක පාවිච්චි කරල, ඔයාට data hold කරගෙන ඉන්න ආයතන ගණන සහ ඒවගෙ නම් කිහිපයක් නොමිලේම බලාගන්න පුලුවන්. හැබැයි හැම ආයතනයක්ම දැනගන්න නම් පොඩි ගෙවීමක් කරන්න වෙනවා :(

Latest