Skip to content

දරුවන්ගේ අධ්‍යාපනයට අකුල් හෙළන්නන් හට ප්‍රතිත්‍රස්ත පනත දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි - දිළුම්

පාසල් දරුවන්ගේ විභාග පිළිතුරු පත්ර පරික්ෂා නොකරන්නන්, රජයෙන් වැටුප් ගෙන අධ්යාපන කටයුතු නොකරන්නන්, විශ්වවිද්යාල දරුවන්ට අධ්යාපන කටයුතු කිරීමට ඉඩ නොදී මහපාරට ඇද ගෙන එන්නන් රටේ දියුනුවට අකුල් හෙළන්නන් වැනි වැදි ත්‍රස්තවාදීන් හට එරෙහිව ප්‍රතිත්‍රස්ත පනත දැඩිව ක්රියාත්මක කළ යුතු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම පවසයි.

අමුණුගම පදනම විසින් සංවිධානය කරන ලද පාසල් දරුවන් සඳහා පොත් බෙදාදීමේ උත්සවයක් මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේ පැවැති අවස්ථාවේ ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වූ ඒ මහතා ඉහත අදහස් පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ රාජ්ය අමාත්යවරයා මෙසේද කීය. පෙර තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මීට වඩා දරුණු එකක්. ඒ නිසයි වසර තිහක යුද්ධය අවසන් කළේ. දැන් යුද්ධය නැතත් අමුතු ආකාරයෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා. මේවා අවසන් කළේ නැත්නම් අපේ රටේ දරුවෙකුට අධ්යාපනයවත් දෙන්න ලැබෙන්නේ නෑ. මේ වර්තමාන ත්‍රස්තවාදී කණ්ඩායම් තමයි ප්‍රතිත්‍රස්ත පනතට බය වෙලා කෑ ගහන්නේ. මේ පනත ගෙනල්ලා රටේ දියුණුවට බාධා වන දේ ඉවත් කළ යුතුයි.

වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කඩා වැටුණු රට යම්තාක් දුරකට ගෙනල්ලා තියෙනවා. එතුමා ඉතිරි ටිකත් ගොඩ ගනී කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා එතුමාට අපේ පූර්ණ සහයෝගය දෙනවා. රට ගොඩගන්න බැරි කයිවාරු කාරයන්ට සහාය දීලා වැඩක් නැහැ. එදා මිනීමරු ප්‍රභාකරන් අවසන් ගමන් යැවූ රාජපක්ෂලා ප්‍රමුඛ පිරිසට අද යුරෝපයේ ඇතැම් රටවල් තහනම් වෙලා. රාජපක්ෂලාට වගේම ශවේන්ද්‍රලාට, කරන්නාගොඩලාට ඒ තහනම දාලා තියෙනවා. සමහර රටවල් රාජපක්ෂලාගේ බලු පැටියෙකුට වත් ඒ රටවල් වලට එන්න බැරි වෙන විදිහට නීති දාලා තියෙනවා යයිද රාජ්ය අමාත්යවරයා වැඩිදුරටත් කීය.

Latest