ධාරානිපාත වර්ෂාව සහ දරුණු ගංවතුර හේතුවෙන් චීනයේ Chongqing හි පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු මේ වන විට අතුරුදහන් වී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටී. Chongqing නිරිතදිග චීනයට අයත් වන අතර එරට ප්‍රාදේශීය බලධාරීන් උපුටා දක්වමින් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ෂින්හුවා (Xinhua) බදාදා දින මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබිණි.
සඳුදා සිට මෙම මරණ ක්‍රමයෙන් වාර්තා වී ඇති අතර නිරිතදිග චීනයට අධික වර්ෂාපතනයක් පැවතීමත් සමඟ Chongqing හි ප්‍රාන්ත හතරක් සදහා අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇත. ගංවතුර තත්වය හේතුවෙන් මඩ සහිත තට්ටු ඇතිවී අවහිර වී ඇති මාර්ග නැවත යථා තත්වයට පත් කිරීමට අදාළ බලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගෙන ඇති අතර ආපදාවට පත් නගරවල නිවැසියන් බේරා ගැනීම සදහා ද ඔවුන් විසින් සක්‍රීය දායකත්වයක් ලබා දී ඇත.
අසල්වැසි Sichuan පළාතේද 460,000 කට වැඩි පදිංචිකරුවන් පිරිසක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. සහන මෙහෙයුම් හා ගලවා ගැනීමේ කටයුතු සදහා හදිසි කණ්ඩායම් 400ක් පමණ යොදවා ඇති බවද එරට රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටී.