Skip to content

රෝහල් මරණ 5 ට ආසන්නම හේතුව ඖෂධ ආසාත්මිකතාවන්.

Photo by Bret Kavanaugh / Unsplash

සත් සාමාජික කමිටුව නිර්දේශයෙන් හෙළිවේ.

මෑත කාලයේ රෝහල් තුළ සිදුවූ අන්දෝලනාත්මක මරණ 06යෙන් පහකටම ඖෂධ ආසාත්මිකතාවන් බොහෝ දුරට හේතු විය හැකි බව ඒ පිළිබඳව සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව මගින් පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෑත කාලීනව සිදුවූ අන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස්ගේ සභාපතීත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවක් පත් කළ අතර එම කමිටුව සිය නිර්දේශ නවයක්  ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට ඉකුත්දා භාරදී තිබිනි.

අදාළ  විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ කමිටුවේ අවධානය යොමු වූ මරණ 06යෙන් පහකටම හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවත් එසේ  ආසාත්මිකතාවන්ට හේතුවූ  ඖෂධ සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තාද නොතිබූ බවයි.

Latest