Skip to content

නිශාන් මධුශ්කගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 13 වැනි ද්විත්ව ශතකලාභියා බවට පත්වෙමින් නිශාන් මධුශ්ක ප්‍රනාන්දු අද අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදි ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වූ නිශාන්ගේ තුන්වැනි ටෙස්ට් තරගය මෙය වන අතර මෙම ඉනිමට පෙර ඉනිම් තුනක් ක්‍රීඩ කර ඇති අතර ඉනිමක වැඩිම ලකුණු ලෙස වාර්තා වී තිබුනේ ලකුණු 39ක් ය. ඒ අනුව සිය මංගල අර්ධ ශතකයම ද්විත්ව ශතකයකට පරිවර්තනය කරගැනීමට නිශාන් සමත්වන අතර බ්‍රෙන්ඩන් කුරුප්පුට පසු එවන් දස්කමක් කළ පළමු ශ්‍රී ලාංකීය පිතිකරුවා ලෙසද වාර්තා පොත් අතරට එක් වනු ඇත.

ශ්‍රී ලාංකේය ටෙස්ට් ද්විත්ව ශතකලාභින්..

බ්‍රෙන්ඩන් කුරුප්පු
අරවින්ද ද සිල්වා
සනත් ජයසූරිය
රොෂාන් මහානාම
මහේල ජයවර්ධන
මාවන් අතපත්තු
හෂාන් තිලකරත්න
කුමාර් සංගක්කාර
තිලාන් සමරවීර
ඇන්ජලෝ මැතිව්ස්
දිමුත් කරුණාරත්න
දිනේෂ් චන්දිමාල්

- Waruna Sudantha Hearath

Latest