Skip to content

ඉන්දීය රුපියලට බය වෙන්න එපා..!

ශ්‍රී ලංකා මහ බැංකුව කියයි..

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර රටක් බැවින් එරට සංචාරකයින්ගේ වැඩි පහසුව පිණිස ඉන්දීය රුපියල මෙරට ගනුදෙනු වලදී භාවිත කෙරෙන විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස පමණක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ඉන්දියානු රුපියල මෙරට භාවිතයට අනුමත කිරීම සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම් / පියවීම් කිරීම සඳහා ඉන්දීය රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බවත් ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බවයි එම නිවේදනය මගින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest