Skip to content

දන්නවාද ? මී උනත් වැඩි වෙලා (leptospirosis)

මේ   දිනවල ඩෙංගු රෝගීන්ගේ වර්ධනය නිසා මර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා වගේම අවධානයෙන් තොර ක්‍රියාවන් නිසා මී උන ( leptospirosis ) රෝගීන්ගේ වර්ධනයක් පවතින බව වසංගත රෝග නිවාරන අංශය පෙන්වා දෙයි කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයාගේ තොරතුරු අනුව  2022 වසර තුල   මීඋන (leptospirosis ) වැළඳීම    නිසා මියගිය සංඛ්‍යාව 10 කි  ඒ රඹුක්කන 2 ගලිගමුව 1 වරකාපොල 2 කෑගල්ල 4 හා රුවන්වැල්ල 1 යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ වලිනි  2023 වර්ෂයේ මුල් සති  19 තුල ආසාදනයට ලක්වු පුද්ගලයන් 239 වාර්තාවන අතර හතර දෙනකු මියගොස් ඇත.                                

එසේ මියගොස් ඇත්තේ රඹුක්කන හා කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ වල එක් කොට්ඨාශයකින් දෙදෙනා බැගිනි මෙම බැක්ටීරියාව ආසාදනය වි වාර්තාවුන රෝගීන්ගෙන් 74 දෙනකු මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ වන අතර අරනායක කොට්ඨාශයේ 50 කි.                                                                

                                   

                                               

මී උන (leptospirosis )රෝගය ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවය කාටද..?                      

ගොවීන්,  මිහිතුල් සේවකයන් (පතල් කම්කරුවන්) , ඌරු, ගව, සතුන් ඇතිකරන එම කොටු පිරිසිදු කරන්නන් , ගංවතුර තත්වය නිසා එම වතුරේ සැරිසරන්නන් වේ ආසාදනය වන්නේ කෙසේද ? මෙම බැක්ටීරියාව ආසාදනය වු මීයන් ,ගවයන්,ඌරන් ,අස්වයන් ,බල්ලන් පූසන් හා කැලෑ සතුන්ගේ මුත්‍රා හා ශරීරයේ බහිශ්‍රාවිය ද්‍රව්‍ය පොලවට එකතුවීම හෝ ජලයට මුසුවීම නිසා ඒවා පුද්ගලයන්ගේ ශරීරයට ඇතුල්වීම (බොහෝ වේලාවට මෙම සතුන් ආසාදනයට ලක්වි සිටියාට රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් හඳුනා ගැනීමට අපහසු වේ

                                                           

රෝගයෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද ?                                          

 ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා හමුවි මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගැනිම.

තම දෛනික කටයුතු වලදි සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරිම ( බූට්ස් වැනි පාවාහන් පැලඳීම ,ගංවතුර තත්වයන්  වලදි ආරක්ෂාකාරිව සිටීම

රෝග ලක්ෂණ

අධික උන,හිසරදය, වමනය,ශරීරයේ මස්පිඩු වල වේදනාව ,බඩඑලිය යාම , ඇස් රතුවීම හෝ කහ පැහැ ගැන්වීම වේ   තමන්ගේ දෛනික කටයුතු වලදි අනාරක්ෂිතව කටයුතු කලේද එසේ කටයුතු කිරීම හේතුවෙන් යම් රෝගි තත්වයන් ඇතිවුයේ නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයකු හමුවි ඔබගේ කටයුතු වල ඉතිහාසය පවසන්න එවිට වෛද්‍යවරයා තීරණයක් ගනීවි අවදානම් කටයුතු වල යෙදෙන්නන් ප්‍රතිශක්තී කරන ඖෂධ ලබා ගැනීම තුලින් ආරක්ෂාවිය හැකි බව වසංගත රෝග අංශය පවසනව

Latest