Skip to content

දකුණේ තහනම් වූ තිලීපන් සැමරුම උතුරේ සැමරෙයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන්ගේ 36 වන ගුණ සැමරුම මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු නියෝජිතයින් සහ සිවිල් ක්‍රියාකාරී කමිටු සාමාජිකයින්ගේ සංවිධානත්වයෙන්   දිලීපන්ගේ ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට ප්‍රදේශවාසී ජනතාවද සහභාගී වූහ.

ගුණ සැමරුමට එක්වූ පිරිස් විසින් දිලීපන්ගේ රුව සහති බැනරයකට මල්මාල දමා පහන් දැල්වීම සිදුකල අතර දිලීපන් ගුණ සැමරුමට එරෙහිව පවතින විරෝධතාවන් වෙනුවෙන් නැගී සිටිය යුතු බවටද මෙහිදී රැස්වූවන් වැඩිදුරටත් පවසා සිටියහ.

1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි

එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.

Latest