Skip to content

හිරුණිකා සජබ ගැන කලකිරීමෙන්! ජාතික සංවිධායක ළඟ තියාගෙන නායකයින්ට දෙහි කපයි!

සමඟි ජන බලවේගයේ ඇතැමුන්ගේ ක්‍රියාකලාපයන් නිසා තමන් කළකිරීමෙන් පසුවන බවත් තමන් ගැන පක්ෂය කිසිදු තැකීමක් නොකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කොන්ද කෙළින් තබාගෙන වැඩකළ යුතු බවයි ඇය අවධාරණය කළේ.

ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළේ  සමඟි ජන බලවේගයේ ජනපවුර වැඩසටහනේ කඩුවෙල ආසනයේ රැස්වීම අමතමිනි. එය පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, ''මිනිස්සුන්ට මාස කිහිපයකට කලින් පෝලිම්වල මැරුනා කියලා මතක නෑ. ප්‍රභාකරන් කියලා තියෙනවා සිංහල මිනිස්සුන්ට මතක සති දෙකයි කියලා. සමහර චැනල් මිනිස්සුන්ට අරගලය එපාවෙන නිව්ස් දානවා. මිනිස්සු පාරට බැස්සේ බඩගින්න නිසයි. ප්‍රසන්න රණතුංගලා කියනවා අරගල කළේ  කුඩුකාරයන් කියලා. ලෝකේ පළමු වතාවටයි පාලකයෙක් පන්නලා දැම්මේ. අපේ කොන්ද අපි පෙන්නුවා.අරගලයෙන් පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා රකිනවා.'' යනුවෙනි.

මේ අතර සමඟි ජන බලවේගයේ දිව දෙකේ පිරිස් සිටින බවත් ඇතැමුන් උදේට නායකතුමා සමඟ ඉඳ රෑට හරීන් සමඟ ක්ලබ්වල බොන බවයි ඇය පවසන්නේ.

''රනිල්ට පංති භේදය තියෙනවා. අදටත් තනතුරු දෙන්නේ එහෙමයි. තානපතිකමට පත්කරන්න පක්ෂෙ කෙනෙක් නෑ
දවල්ට නායකතුමා එක්ක ඉදලා රෑට ඒ ඔක්කොම රනිල්ට ගිහින් කියනවා. හරීන්ලා ගිය වෙලාවේ විනය පරීක්ෂණයක් කළා නම් මේ අය තැන තැන කියවන්නේ නෑ.මට නඩු 5ක් තියෙනවා. රනිල් මට කතාකරන්නේ නැත්තේ මගෙන් හොදවැයින් දෙකක් අහගන්න වෙන නිසා.මේක ඇතුලේ කකුල් දෙක දෙපැත්තක තියන් නායකයා ගනන් ගන්නේ නැත්නම් වැඩක් නෑ''.

''මම කලකිරීමෙන් ඉන්නේ. මමත් බොහොම අමාරුවෙන් කැපකිරීම් කරන්නේ. අපි ගැන කිසිම  තැකීමක් නෑ. ලංකරගන්නෙත් උන් ටිකමයි. මේ අවුරුදු තුන ඇතුළේ ජන පවුර වැඩසටහන ඇරෙන්න ජන්ද එකතුකරගන්න වෙන් කිසිම වැඩසටහනක් කෙරෙන්නේ නෑ. මට සංවිධායකයින්ට සෙනග ගේන්න කියන්න බෑ. සමහරු ගෙවල් උගස් තියෙලා.මේක කරන්නේ නයි ටිකක් එක්ක නම් කරන්න බෑ.''

ඒ අනුව සමඟි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නයි ටික හඳුනා ගත යුතුවන බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළේ.

Latest