Skip to content

තවත් නොමනා මිනිස් ක්‍රියාකාරකමක් නිසා වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබ සිටි අග්බෝ නමින් හැදින්වෙන හස්තියා අනුරාධපුර  තිරප්පනය ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන්ගේ නිර්ක්ශනයට පසුගිය ජුනි මස 12 ලක් විය.

ඒ වනවිටත් දැඩි ආසාද්‍ය තත්වයේ ඇතා සිටින බැවින් නිර්වින්දනය නොකට බෙහෙත් කිරිමට  පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුලු කංඩායම තීරනය කලත් එය අතිශ්‍යින්ම අවදානම් කාරී ක්‍රියාවක් උනා.

වම් පාදයේ තිබෙන තුවාල ට ප්‍රතිකාර කිරීමට හස්තියා වෙත ලංවීම ඉතා බැරැරුම් කාර්‍යක් වුනත් අද දිනය(11) වන විට දින 10 ක් හස්තීයා වෙතට ගොස් තුවාලයට ප්‍රතිකාර කර ඇත.

හස්තියාගේ තිබෙන තුවාලයේ තත්වය බරපතල් බැවත් තවමත් තුවලය සුව අතට හැරී නොමැති බැවින්  වැඩිදුර ප්‍රතිකාර කල යුතුබව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා  අප කල විමසීමකදී කීය සිටයා.

හස්තියා තුවාල ලබා සිට සොයා ගත් මොහොතේ සිට මේ දක්වා දීර්ග කාලයක් ඔහු සමග සිටිමින් හස්තියාගේ නිරන්තර තාඩන පීඩන වලට ගොදුරු වෙමින්.ඔහුගේ ආරක්ශාව සහ සෞඛ්‍ය තත්වය නිරික්ශනය කරන තිරප්පනය බීට්ටු වනජීවී නිලදාරි පැය 24 පුරා කරන මෙහෙයත් අපට අමතක නොකල හැකී..

කෙසේ වෙතත් අග්බෝ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක බැගින් තවත් තොරතුරු ඉදීරියේදී..

තිරප්පනේ බීට්ටු වනජීවී නිලදාරීන්
Dr. චන්දන ජයසිංහ
තුවාල ලැබූ අග්බෝ 

Latest