වැව් ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් සිදු කර ගෙන ගිය පස් කැපීමේ ජාවාරමක් වැටලීමට පතල් හා කැණීම් කාර්යංශය සමත් වී ඇත.
ත්‍රීකුණාමළය - මොරවැව ප්‍රදේශයේ වැව් වල ඇති පස් කපා මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සදහා යොදා ගන්නා නමුත් එම පස් වෙනුවෙන් කිසිදු මුදලක් රජයට නොලැබෙන බවට ප්‍රදේශවාසීන් විසින් පතල් හා කැණීම් කාර්යංශයට පැමිණිළි කර ඇත. ඒ අනුව සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සදහා කොන්ත්‍රාත් ලබා ගන්නා පුද්ගලයින් පසුව තවත් පිරිස් සමග එකතුව මෙම ජාවාරම සිදු කර ඇත. මාර්ග ප්‍රතිසංස්කරණය සදහා පස් යෙදවීමට රජය විසින් මුදල් වෙන් කරන නමුත් මෙම පිරිස කිසිදු මුදලක් රජයට ගෙවා නොමැති බවද මෙහිදී අනාවරණය වී ඇත.
පස් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 02 ක් තම බාරයට ගෙන ඇති පතල් හා කැණීම් කාර්යංශයේ නිලධාරීන් පුද්ගලයින් 02 කුවද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ ටිපර් රථ ත්‍රීකුණාමළය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




