අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ට එරෙහිව ගොණු කර ඇති නඩුව ලබන මස (ජුලි) 13 වෙනිදා කැදවීමට අභියාචනාධිකරණය අද(27) දින නියෝග කරන ලදි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල සහ ඒ.මරික්කාර් යන මහත්වරුන් හමුවේ මෙම නඩුව කැදවන ලදි.
2022 අගෝස්තු මස 22 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි නීතිඥ ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාරසිරි යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙන් වෙන්ව පෙත්සම් 03 ක් අභියචනාධිකරණයට ඉදිරිපත් කර ඇත.
පැමිණිල්ල කැදවූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා අභියචානාධිකරණය හමුවේ පෙනී සිටියේය.