Skip to content

ඩෙංගු මාරයා නැගෙනහිර පලාතත් බය කරයි.

දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති අවස්ථාවක ඩෙංගු නැගෙනහිර පලාතටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසා සිටියේය..

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන ආකාරයට මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක්ම බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඩෙංගුමර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

මේ වනවිට නොසිතූ ලෙසින් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් හදුනාගෙන තියෙනවා. නමුත් දෛනිකව වාර්ථාවන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.නමුත් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Latest