Skip to content

උතුරු මැද පළාතේ ඩෙංගු අවදානම ඉහළට...!

උතුරු මැද පළාතේ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් වර්ධනය වන්නට පටන් ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. ගෙවී ගිය සති 18 ක කලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 248 ක් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 159 ක් වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.

ඩෙංගු රෝගය මර්ධනය කිරීම සදහා වන මෙම රැස්වීම උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබුණි.

එළඹෙන 22 වෙනිදා සිට 28 වැනිදා දක්වා ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත. මෙම සතිය තුළ පළාතේ සියළුම නිවෙස් රජයේ සහ පුද්ගලික කාර්යාල ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීමටද, මහජනතාව දැණුවත් කිරීමටද තීරණය කර ඇත. මෙම කටයුතු ඒ ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම්වරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත.

ග්‍රාමීය ප්‍රජාව මෙන්ම වෙළදසැල් හිමියන්ද දැණුවත් කිරීමේ වැඩ සටහන් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇතැයි මෙම සාකච්ඡාවට සහභාගි වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජානක ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. තම දිස්ත්‍රික්කය 59% ක් වන පාසල් ඩෙංගු අවදානම් කලාප ලෙස හදුනා ගෙන ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා කියා සිටියේය.

උතුරු මැද පළාතේ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

Latest