Skip to content

මංජු නිශ්ශංක ගෙන් සේපාල් අමරසිංහට රුපියල් බිලියන දෙකක එන්තරවාසියක්

සේපාල් අමරසිංහ විසින් තම YouTube නාලිකා වල පළකර ඇති "පපුවට ගහගෙන රට කෑ එවුන්" "විජේදාසලාට පුලුවන්ද හරිනිව සල්ලි වලට ගන්න" සහ "විමලේ දැන් කොට්ටේ බදාගෙන අඬපන්" යන වීඩියෝ හරහා ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක හට අපහාසාත්මක ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සහ ඔහු පිලිබඳ ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමට උත්සහ දැරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2 ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමුකර ඇත.

වන්දි මුදලට අමතරව සේපාල් අමරසිංහ විසින් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ  නායක මංජු නිශ්ශංකගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවටත් දින 7ක් ඇතුලත එසේ කිරීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවටද මෙම එන්තරවාසිය මගින් සේපාල් අමරසිංහ හට දැනුම් දැනුම් දී ඇත.

Latest