Skip to content

ඇෆඝනිස්ථානයේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2000 දක්වා වැඩි වෙයි.

බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.

නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති බවත්,1000 කට ආසන්න දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් තලේබාන් ප්‍රකාශකයෙකු පවසා ඇත.

භූ කම්පනයේ බලපෑම හේවෙන් ඇෆ්ගනිස්ථානයේ ගම්මාන 12ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවටද වාර්ථා වෙයි.

දශක දෙකකට පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙය යැයි පැවැසෙයන අතර භූ කම්පනයෙන් පසුව තවත් පසු කම්පන කිහිපයක්ම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Latest