Skip to content

ඩොලර්වලට විකිණෙන මුහුදු කූඩලු ජාවාරම

මුහුදු කූඩැල්ලා යනු චීනය, ජපානය වැනි රටවලට ඉතාම ජනප්‍රිය කෑමකි. නමුත් අපේ රටේ මේ මුහුදු කූඩැල්ලන් බලපත්‍ර නොමැතිව ඇල්ලීම තහනම් වී ඇතත් ඉතාමත් රහසිගතව මුහුදු කූඩැල්ලන් අල්ලා විදේශයනට අධික මිලගණන්වලට විකිණීමේ මහපරිමාණ ජාවාරම් නැතිවාම නොවේ.

මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා නීතිවිරෝධී අයුරින් කිමිඳුම් උපකරණ ඇතුලු ආම්පන්න යෙදීම හේතුවෙන් මුහුදු පැලෑටි ඇතුලු සාගර සම්පත් විනාශ වීම හේතුවෙන් මෙම ක්‍රියාවන් තහනම් කොට ඒ සඳහා නාවික හමුදාවේද ආරක්ෂාව සපයා ඇත.

මේ වනවිටත් උතුරු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට උත්සහ දැරූ විශාල ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත. එමෙන්ම වසරකට මුහුදු කූඩැල්ලන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් උතුරු මුහුදෙන් පමණක් නාවික හමුදා බාරයට පත් වෙයි. මේ සියලු මුහුදු කූඩැල්ලන් විදෙශිකයින්ට විකිණීම සඳහාය.

නමුත් අත්අඩංගුවට මෙලෙස ප්‍රමාණයක් පත්වෙද්දී හොර රහසේ කොතරම් නම් ප්‍රමාණයක් මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් මුහුදු තීරයන්ගෙන් අල්ලා විදේස රටවලට විකුණනවා ඇත්දැයි සිතිය යුතුමය.

ශ්‍රී ලංකාවෙ මන්නාරම යාපනේ මුහුදු තීරයන්හි මීටර් 15 ත් 30 අතර ගැඹුරක තමයි මේ මුහුදු කූඩැල්ලන් ගැවසෙන්නෙ. ඒ වගේම මුහුදු පත්ලෙ. බොහෝ ඡනතාවක් අතර මෙි මුහුදු කූඩැල්ලන් ගැන හාංකවිසියක් දන්නෙ නැතත් මන්නාරම් සහ යාපනේ ඡනතාව ඉතිහාස කාලයක සිට මෙම ඡීවියව දන්නව. එයාල උන්ව ආහාරයට ගන්නව. එයාල උන්ට කියන්නෙ අට්ටි කියලයි. ලෝක වෙළදපොලේ මේ මුහුදු කූඩැල්ලන් ග්‍රෑම් 100 ක් ඇමරිකන් ඩොලර් 100 සිට 250 ක් දක්වා මිල ගනණ් වලට විකිණෙනවා.

ඉතින් මේ මුහුදු කූඩැල්ලන් උතුරු මුහුදු තීරයේ බහුලව ගැවසෙනවා ඇත්ත වශයෙන්ම ඉන්දියානු ධීවරයින් වැඩි වශයෙන් මේ උතුරු මුහුදු තීරයට ඇතුල් වන්නේ මසුන් ඇල්ලීමට වඩා මුහුදු කූඩැල්ලන් ඇල්ලීමටය . ඒ අධික මිල නිසාමය. සාමාන්යෙන් මුහුුදු කූඩලු කිලෝවක් රුපියල් ලක්ෂ 5 කටත් එහා අලෙවි කල හැකි බවට උතුරේ ධීවරයින් පවසති.

මේ නිසාම උතුරේ ධීවරයින් ජීවිත අවධානමද නොතකා මේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට උත්සහ ගන්නේ අධික මිලකට විකිණීම සඳහාමය. එමෙන්ම මෙම මුහුදු කූඩැල්ලන් අමුවෙන් මෙන්ම වේලාගත් පසුද අලෙවි කිරීමට හැකියාවක් ඇත. එහි කිලෝවක මිල ගණන් තවත් වැඩි වෙයි.

මුහුදු කූඩැල්ලන්ගෙ වාණිජමය වටිනාකම මුහුදු කූඩැල්ලන් වාණිජමය වශයෙන් ලබා ගත හැකි ඉහළම වටිනාකමින් යුත් මුහුදු ආහාර අතර ප්‍රධාන තැනක් ගනී. මුහුදු කූඩැල්ලන් චීනය සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල ප්‍රචලිත ආහාරයක් ලෙස භාවිතා කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. මූලික වශයෙන් ඒවායේ පෝෂණ ගුණය සහ ප්‍රධෑත බව නිසා හොංකොං, චීනය සහ සිංගප්පූරුව වැනි රටවල මුහුදු කූඩැල්ලන් ඉතා ජනප්‍රිය ආහාරයක් බවට පත් වී ඇත.

ඒවායේ ඇති ඖෂධීය ගුණය හේතුවෙන් මැලේසියාව ඇතුළු ඇතැම් රටවල මුහුදු කූඩැල්ලන් භාවිතයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම ද ආරම්භ කර ඇත. ලංකාවෙ මෙි කුඩැල්ලන්ගෙ ප්‍රධාන වෙළදපොල චීනයයි. මේ මුහුදු කූඩැල්ලන්ගේ ආහාර වෙිලක් පිළිකා, හෘද රෝග වැළක්වීමට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනව. ඒ වගේම පිලිකා අතරයිටිස් මළ බද්ධය වැනි රෝග නිවාරනයට අවශ්‍ය රසායනික සංඝටක මෙි කුඩැල්ලන් සතුයි. ඒ වගේම සිංගපුරුව, හොංකොං, ඡපානය සහ චිනය මෙි ආහාරවෙිල ගන්නෙ දීර්ඝ ලිංගික ක්‍රියාකාරිත්වයක් සදහා බවටත් වාර් ථා වෙනවා.

Latest