Skip to content

ඩෙංගු මදුරුවාට බස්නාහිරින් බැඳි වැටට පිළියන්දලත් සහාය..

නිළධාරීන් විසින් අවධානම් සහිත ස්ථාන පරීක්ෂා කරමින්

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් අද දින (26) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල බල ප්‍රදේශයේන් ආරම්භ කල, බස්නාහිර පළාතේ ජාතික ඩෙංගු මර්ධන සතියේ සමාරම්භයට සමගාමීව පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය විසින් ද අද දවස පුරා සිය සෞඛ්‍යය බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කලා.

ඒ අනුව පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය දිනූෂා අඹගල මහත්මියගේ අධීක්ෂණයෙන් යුතුව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් , ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් , පිළියන්දල පොලීසිය, සර්වෝදය ස්වේච්ඡා කණ්ඩායමකද සහයෙන් නගරයේ පාසැල් , රාජ්‍ය හා පෞද්ගලික කර්මාන්ත ශාලා, රෝහල්, පොළීසිය ඇතුළු විවිධ  ස්ථාන හදිසි පරීක්ෂාවන්ට ලක් කරනු ලැබුවා.

එහිදී හඳුනා ගත් අවධානම් සහිත ස්ථාන වල පිරිස වෙත අවවාද කරනු ලැබු අතර ඒවා හී අවධානම ඉවත් කිරීමෙන් පසු නැවත එම ස්ථාන පරීක්ෂා කිරීමට නියමිත බවද දන්වා සිටියා.

Latest