Skip to content

ඩෙල්ෆ් ඝාතන සැකකරු ජර්මනියෙන් පිටුවහල් කළ අයෙක්දැයි සැක

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි, යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකට අනුව ඩෙල්ෆ් මනුෂ්‍ය ඝාතන 05 සිදුකළ සැකකරු දිනක් ගත වීමට ප්‍රථම අත් අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.‌‌මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා  පැවසූවේ විමර්ශන නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වූයේ කයිට්ස් සහ ඩෙල්ෆ් අතර බෝට්ටු වල ගමන් ගන්නා පුද්ගලයන් කෙරෙහි බවයි.

වයස අවුරුදු 51 වන මෙම පුද්ගලයා 2019 වසරේදී ජර්මනියේ සිට මෙරටට පැමිණ තිබෙනවා.‌‌ඔහු ජර්මනිය පිටුවහල් කළ අයෙක් ද  යන්න සහ ජර්මන් ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙක් ද යන්න පිළිබඳ විමර්ශන සිදුකෙරෙනවා.‌‌‌‌ස්ථිර පදිංචි ස්ථානයක්  සහ රැකියාවක් නොමැති මොහු කයිට්ස් සහ පුංකුඩතිව් දූපත් ආශ්‍රිතව වාසය කර තිබෙනවා.‌‌

අදාල නිවසින් කොල්ලකන ලද බවට සැකකරන රන් ආභරණ, මෙන්ම ජංගම දුරකථන දෙකක්,සාරි සහිත ගමන් බෑගයක් මොහු සන්තකයේ තිබී සොයා ගෙන තිබෙනවා.‌‌මංකොල්ලකෑමේ අරමුණෙන් මෙම ඝාතන සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.‌‌

මෙම සැකකරු සහෝදරයන් දස දෙනකුගෙන් යුත් පවුලක අයකු වන අතර,ඔහුගේ  සහෝදරයන්ගෙන් බහුතරයක් දැනටමත් විදේශගතවයි සිටින්නේ.‌‌

සැකකරු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුරටත්  විමර්ශන  සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.‌‌‌‌

ඩෙල්ෆ්හී මෙම සිදුවීමට මුහුණදුන් වයස අවුරුදු 101 කාන්තාවක්  තුවාල ලබා රෝහල් ගතව සිටිනවා.‌‌ඇයද මියගිය පස්දෙනාගේ ඥාති සොහොයුරියකි.

එදින මුලතිව්හි සිට පැමිණි දෙදෙනෙක් සහ ලන්ඩන් සිට පැමිණි සහෝදරියක්ද මියගිය පස් දෙනා අතර සිටිනවා.‌‌

CCTV සහ දුරකථන දත්ත ලබාගෙන විමර්ශන සිදු කිරීමට අපහසු දූපත් ප්‍රදේශයක මෙම ඝාතන සිදුව තිබූ අතර,විමර්ශන නිලධාරීන්ගේ දක්ෂතාවය මත දිනක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සිදුවීම සම්බන්ධ තවත් පුවත්

යාපනයේ පංච පුද්ගල ඝාතනය රන්ආභරණ නිසාදැයි සැකයක්. සැකකරු ලඟ පවුම් 26 ක රත්තරන් හමුවෙයි
යාපනය ඩෙල්ෆ් දූපතේ සිදුකෙරුනු පංච පුද්ගල ඝාතනය සහ එක් අයෙකුට බරපතල තුවාල සිදුකිරීමට සම්බන්ධ එක් අයෙකු සැකපිට අද (22) දින අත්අඩංගුවට
යාපනයේ ඩෙල්ෆ් දූපතේ පස් පුද්ගල ඝාතනයේ ඝාතකයින් සෙයාන්න විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක්.
(රොමේෂ් මධුෂංක අමරසිංහ ) යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීවු ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සිටි නිවැසියන් 05 දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය

Latest