Skip to content

දඩාවතේ යන බල්ලෝ ලගින හෙම්මාතගම සති පොලේ සංවර්ධනය නැවතුණු හේතුව හෙළිවෙයි.

දඩාවතේ බල්ලෝ ලැගලා මළ මුත්‍රා කරපු සමහර එළවළුත් අද හෙම්මාතගම පොලේ විකුණනවා ”  යන ප්‍රවෘත්තිය යටතේ පල වු පුවත සම්බන්ධයෙන් අප අද ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් කල විමසීමකදි ඔවුන් මෙසේ පැවසීය.


මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හෙම්මාතගම නියෝජනය කරන හෙම්මාතගම වසමේ පොදුජන පෙරමුණ මන්ත්‍රී සහ සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ගැන විමසිමක් කලා.
එහිදි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී හෙම්මාතගම මංජුල අධිකාරි මහතා පැවසුයේ මෙවැන්නකි.


මේ ගොඩනැගිල්ලේ අඩුපාඩු සකස් කිරීම සම්බන්ධයෙන් අපි අවස්ථා කිහිපයකදි කතා කලා. මාවනැල්ල ප්‍රාදේශිය සභාවේදි සහ මාවනැල්ල සම්බන්ධීකරණ කමිටු රැස්විමේදි මේ ගැටලුව යොමු කර තිබෙනවා. එහිදි අපට දැන ගැනිමට හැකි වුයේ සියක් නගර ව්‍යාපෘතිය යටතේ මෙම ගොඩනැගිල්ල සකස් කිරීමේ වැඩසටහන ආරම්භ වු බවත් පසුව එහි කොන්ත්‍රාත්කරුවන් එහි වැඩ අවසන් නොකර දමා ගොස් ඇති බවටයි. දැනට මෙහි පොල පවතින කොටස පැය 24 පුරාම විවෘත භූමියක් බවට පත් විම නිසා සුනඛයන්, යාචකයන් මෙන්ම සමහර අයගේ මත්ද්‍රව්‍ය පානය කරන ස්ථානයක් බවට පවා පත් වේලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපත් නිතර උත්සාහ කරනවා මේ අඩුපාඩු සකස් කරගෙන මෙහි වැඩ කටයුතු අවසන් කර ගන්නා තැනටකට පත් කිරීමට යැයිද ඒ මහතා පැවසීය.


සමගි ජන බලවේගයේ හෙම්මාතගම ගිනිහප්පිටිය කලාපයේ මන්ත්‍රී ඉස්මායිල් රීසා මහතා පැවසුයේ මෙවැන්නකි.
පොදුජන පෙරමුණ ආණ්ඩුව පවතින කාලයේදි මේ සඳහා මුදල් පාස් කලා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ හිතවතෙකුට මෙහි කොන්ත්‍රාත්තුව භාර දුන්නා. නමුත් ටිකක් වැඩ කරලා පසුගිය කාලයේ සිමෙන්ති කම්බි මිල වැඩි වුනාට පස්සේ කොන්ත්‍රාත්කරු මෙහි වැඩ නවත්වලා තියෙනවා. ඔහු මෙහි මුදල් නැවත වැඩි කරලා දෙනකම් මෙහෙම වැඩ නවත්වාගෙන නිදහසට කාරණා ඉදිරිපත් කරලා ඇති කියලා මම හිතනවා. මෙම කොන්ත්‍රාත් එකෙන් මේ වන විටත් මුදල් විශාල ප්‍රමාණයක් අරගෙනත් ඇති. මිදුලට ඉන්ටොක් ගල් අල්ලන්න වාගේම තව බොහෝ කටයුතු තියනවා. සභාවට වැඩ අවසන් කරලා භාර දිය යුතුව තිබුණත් එය තාම සිදු වි නැහැ. ඒ නිසා මෙහි වගකිම ගන්න ඔනෑ නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ එම නිලධාරීන් සහ මේ සඳහා මුල පිරී පාර්ලිමේන්තු අමාත්‍යවරයා යැයිද පැවසීය.


කෙසේ වෙතත් උත්සව තබා ආරම්භ කර වැඩ වසර ගණනක් තිස්සේ නවතා දැමිම නිසා ප්‍රදේශයේ ජනතාවට මෙන්ම සෞඛ්‍යයට එල්ල වි ඇති බලපෑම සුළු පටු නැත.

මේ පුවතට අදාල පළමු පුවත

දඩාවතේ බල්ලෝ ලැගලා මළ මුත්‍රා කරපු සමහර එළවළුත් අද හෙම්මාතගම පොලේ විකුණනවා.

Latest