Skip to content

David Attenborough ගේ නවතම කතා මාලාව වෙනුවෙන් කලාකරුවෙකු ඩයිනෝසරයින්ගේ ගැලරියක් එළි දක්වයි.

මූලාශ්‍ර​: විදෙස් මාධ්‍ය විසිනි.

David Popa නම් කලාකරුවා සමාජ මාධ්‍ය තුළ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ස්වභාවික භූ දර්ශන තුළ මහා පරිමාණ කලා කෘති සෑදීම සඳහා ඔහුට ඇති හසල දක්‍ෂතාවය හේතුවෙනුයි. සඳුදා දිනයේ දියත් කරන ඔහුගේ නවතම ව්‍යාපෘතිය වෙන් වන්නේ මිනිසුන්ට පෙර පෘථිවියේ සැරිසැරූ ඩයිනෝසෝරයන්ට උපහාරයක් ලෙසිනි. ඔහු වැඩිදුරටත් සදහන් කර සිටින්නේ නිර්මාණකරණය සදහා ස්ථාන තෝරාගැනීමේදී ඒවා කොටස් වශයෙන් වෙන් වෙන්ව තෝරාගනු ලැබුවේ ඔවුන් "වෙනත් ලොවක​" බව ඇගවීමේ අරමුණින් සදහා බවය​.

මෙම කර්තව්‍ය ඔහු විසින් සිදු කරමින් යනු ලබන්නේ Sir, David Attenborough ගේ නවතම කතා මාලාව වන​ Apple TV+ හා සමගාමීව නිර්මාණය කරන​ "Prehistoric Planet" වෙනුවෙනුයි. එහි දෙවන seasonයට අදාළ මංගල දර් ශණය අද දින විකාශණය වීමට නියමිතයි. IMDB සබැදිය හා ඊට අදාළ විස්තර ඔබට පහතින් බලා ගත හැක​.

Prehistoric Planet (TV Series 2022–2023) - IMDb
Prehistoric Planet: With David Attenborough. Travel back 66 million years to when majestic dinosaurs and extraordinary creatures roamed the lands, seas, and skies.

Popa ඔහුගේ කලාව නිර්මාණය කිරීම සඳහා ස්වභාවික වටපිටාව භාවිතා කළ අතර, මෙම නිර්මාණ එකතුව සඳහා මහා පරිමාණ ඩයිනෝසෝර ඡායාරූප සෑදීමට එංගලන්තයේ Jurassic Coast, Utah සහ Finland වෙත ගමන් කොට ඇත​. අඟුරු සහ හුණු වැනි ස්වභාවික මූලද්‍රව්‍ය භාවිතය මෙන්ම බාහිර අවකාශය උපයෝගී කරගැනීමද​ මෙවන් විශිෂ්ඨ කලා නිර්මාණය කිරීමට ඔහුට හැකි වූ සාධකය බවට සදහන් කර සිටියි.

Popa විසින් මෙම Triceratops ඩයිනෝසරයාගේ නිර්මාණය එංගලන්තයේ Jurassic Coast හිදී සිදු කරන ලදී. මූලාශ්‍ර​: Apple TV+ 

ඩ්‍රෝන යානයක් භාවිතා කිරීමෙන් ඔහුගේ මෙම​ කර්තව්‍ය ප්‍රේක්ෂකයන්ට ප්‍රදර්ශනය කිරීමට සහ ඒ තුළින් නිර් මාණයේ පරිමාණය පිලිබදව අදහසක් ඉදිරිපත් කිරීමට ද ඔහුට හැකි වී ඇත​. "අපි ගොඩක් පුරුදු වෙලා ඉන්නේ තිරස් තලයක දේවල් සහ එදිනෙදා ජිවීතයේ යම් යම් වූ හැඩතල​ දැකීමට​​. නමුත් ඉහළ සිට පහළට බලන විට සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස පෙනෙන සුන්දර ස්ථාන කොපමණ නම් තිබෙනවද​?" ඔහු විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා සිටියේය​.

David Popa ගේ නිර්මාණ කිහිපයක් පහතින්:

මූලාශ්‍ර​: විදෙස් මාධ්‍ය විසිනි.

මූලාශ්‍ර​: විදෙස් මාධ්‍ය විසිනි.
මූලාශ්‍ර​: Apple TV+

Latest