Bollywood කියන්නේ ඉන්දියානු සිනමා කර්මාන්තයේ පොදු නාමය. සංගීතය සහ විචිත්‍රවත් නැටුම් ඇතුලත්ව ගලා යන කතාවක් තමයි බොරෝ වෙලාවට බොලිවුඩ් සිනමාවේ පොදු ලක්ෂණයක් වෙලා තිබුනේ. මේ බොලිවුඩ් කියන නම හැදිලා තියෙන්නේ බොම්බේ සහ හොලිවුඩය ඒකාබද්ධ කරන වචන දෙකක සම්මිශ්‍රණයක් විදිහට.
කර්මාන්තයක් විදිහට බැලුවත්, නිර්මාණ කලාව අතින් බැලුවත් බොලිවුඩ් තියෙන්නේ ලංකාවේ සිනමාවට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන්. ඉතින් ඒ පියවරේ නව මුහුණුවරක් විදිහට මේ වෙද්දී සිනමා ශාලාවකට ගිහින් නරඹන දීර්ඝ චිත්‍රපටි වෙනුවට Amazon Prime Video, Netflix වගේ අලුත් අලුත් platform ඇතුලේ තමන්ගේ නිර්මාණ එළි දක්වන්න හැකියාව ලැබිලා තියනවා. ඒක නිසාම බොලිවුඩ් ප්‍රේක්ෂකාගාරයට දැන් දැන් Mini web series කියන අත්දැකීම ලබාගන්න හැකියාව ලැබිලා තියනවා.
Dahaad කියන්නෙ Amazon prime හරහා නරඹන්න හැකියාව තියන බොලිවුඩ් Mini web series එකක්.

Reema Kagti සහ Ruchika Oberoi විසින් අධ්‍යක්ෂණය කරන ලද Tiger Baby Films-Excel Entertainment නිෂ්පාදනයක් වන අභිරහස් හා ත්‍රාසජනක කතා ශානරයට වැටෙන වෙබ් කතා මාලාවක්. කොටස් 8කින් යුතු මේ මිනි සිරිස් එකේ පලවන කතා මාලාව මැයි 12 වනදා සිට Amazon Prime Video හරහා ප්‍රේක්ෂකයන් වෙත දිග හරි තිබෙනවා.
කතාවේ සාරාංශය දෙස බැලුවොත්, රාජස්ථාන් ප්‍රාන්තයේ කුඩා නගරයක වසා දමා තිබුන පොදු වැසිකිළියක් ඇතුලෙන් මියගිය තරුණියකගේ සිරුරක් හම්බවෙනවා. මනාලියකගේ ඇඳුමෙන් සැරසුණු එම තරුණියගේ මුව වටා තිබුණු පෙණ නිසා ඇය වස පානය කොට මිය යන්නට ඇතැයි මිනිස්සු අනුමාන කරනවා. මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කතයුතු බාර වෙන්නේ මණ්ඩාව පොලිස් ස්ථානයට. ක්‍රමක්‍රමයෙන් පරීක්ෂණ ඉදිරියට කරගෙන යනවිට ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වලින් මේ ආකාරයේම සිදුවීම් ගණනාවක් සිදුවී තිබෙන බව ඔවුන් හෙලිකරගන්නවා. ඒ සියලු දෙනා කුලයෙන් අඩු පවුල් වල අවිවාහක ගෑනු ළමයි. මෙසේ මිය ගිය සියලු ගැහැණු ළමුන් එකම ආකාරයකින් නිවෙස් වලින් පලා ගොස් තිබීමත්, ඔවුන්ගේ ශරීරයේ සයනයිඩ් අන්තර්ගතවී තිබීමත්, මරණයට ප්‍රථම සියලු දෙනා ලිංගිකව එකතු වී තිබීමත් නිසා මේ පරීක්ෂණය වෙනස් ම අතකට හැරෙනවා.
ඇත්තම මේ ක්‍රියාවලිය පිටුපස ධාම ඝාතකයෙක් ඉන්නවාද කියලා සැකයක් ඉස්සල්ලම එන්නේ මේ පරීක්ෂණය භාරව ඉන්න උප පොලිස් පරීක්ෂක අංජලී භාටි ට. ඒ සැකය අනූව හඹා යන පොලිස් පරීක්ෂක වරුන්ට කුඩා දරුවෙක් ළඟ තිබී හම්බවෙන දුරකතනයක් නිසා ආනන්ද් ස්වර්ණකාර් කියන ගුරුවරයා හම්බ වෙනවා.

තමන් උගන්වන සිසුන්ට සහ සිය හිතවතුන්ට කරන ලෙන්ගතු ආදරය සහ, සිය පිද්ගලික වියදමින් විවිධ ප්‍රාන්ත වලට ගොස් අසරණ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන මේ විශ්ව විද්‍යාල ගුරුවරයා ගැන ඇත්තටම කියන්න වරදක් නැති තරම්. එසේ තිබියදී මණ්ඩාව පොලිස් නිලධාරින් ආනන්ද් ස්වර්ණකාර් දෙස සැකකාරයකු සේ බැලීමට පටන් ගත්තේ ඇයි? මියගිය තරුණියන්ගේ සිරුරු වල සයනයිඩ් අන්තර්ගතවුනේ ඔවුන් මිය ගියාට පස්සෙද? ඔවුන් සියලු දෙනා ලිංගිකව එක්වී තිබුනේ කමත්ත්නේද? නැත්නම් මානසික අභාධයක් ඇති පුද්ගලයෙක් ඔවුන්ව දූෂණයට ලක් කලාද? මේ ප්‍රශ්න සියල්ලටම උත්තර සියන්නේ Dahaad ඇතුලේ.
බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ Berlinale Series සම්මානයට නිර්දේශ වෙලා තියන Dahaad මිනි සිරිස් එකට Gulshan Devaiah, Sohum Shah, Vijay Varma, Zoa Morani රංගනයෙන් දායකත්වය දක්වන අතර මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුරූපී නිළි Sonakshi Sinha.
