Skip to content

දැන් ඉන්නෙ අනෙකා ගැන සහකම්පනයක් නැති මිනිස්සු, අනුර කුමාර දිසානායක කියයි.

නීතියේ  විනයේ ආධිපත්‍යය හැමදෙනාටම සාධාරණව  ඉටු කරන සමාජයක් නිර්මාණය කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මෙලෙසිනි.


" ධනය තිබෙනවාද බලය තිබෙනවාද නෙවෙයි. ධනය බලය දුප්පත් පොහොසත් භේදයකින්  තොරව හැමකෙනාටම නීතියේ සධාරණත්වය ඉටු වෙන රටක් අපි හදන්න ඕන මේ සමාජය යහපත් කරන්න.

නීතියට  ගරු කරන්න ඕන හැම හැමදෙනාම. ඒ විතරක් නෙමෙයි මිනිසුන්ගේ තෙතමනය අවුස්සන්න ඕන. දැන් මිනිස්සු වියළි මිනිස්සු.හිනා පොදක් නැති මිනිසුන්. අනෙකා ගැන සහකම්පනයක් නැති මිනිස්සු. නුවරඑළියෙ ඉස්පිරිතාලයට ගියාට පස්සෙ පොඩි පෙනීමේ දුර්වලතාවයක් තිබෙනවා කියලා ඉස්පිරිතාලෙන් බෙහෙත් දුන්නට  පස්සේ මොකද වෙන්නේ, ඇස් දෙකම අන්ධ වෙනවා දහ දෙනෙක්ගේ. කම්පනයක් දැනෙන්නෙ නැද්ද.මේ හොඳටම සජීවී ලෝකෙ බල බල හිටපු කෙනා


ඉස්පිරිතාලෙට ගිහිල්ලා බෙහෙත් ගත්තම ඇස් දෙක පේන්නෙ නැතිව යනවා. කෙහෙළිය රඹුක්වැල්ල කියනවා අපි ඒගොල්ලන්ට වන්දි දෙනවා කියලා. වන්දි ! ඇස් දෙකට.කම්පනයක් එනවද.


මම දක්කා එක රෝහලකදි ඊයෙ පෙරේදා  කුඩා දරුවෙක්ගෙ එක වකුගඩුවක ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ වකුගඩුව ඉවත් කරන්න ඔපරේෂන් එකක් කරනවා.හැබැයි ඔපරේෂන් එකේදි සිඟිති දරුවාගේ වකුගඩු දෙකම ඉවත් වෙනවා. දරුවා  මැරෙනවා. කම්පනයක්   තියෙනවාද.නෑනෙ.සමාජයට ගානක් නෑනෙ.

ආ එහෙමද.මගේ දරුවනම් අරන් යන්න හොද නෑ වකුගඩුවක ප්‍රශ්නයක් උනාම ඉස්පිරිතාලයට. ඔච්චරයි.

මම නං යන්න ඕන නෑ ඇස් දෙකේ ප්‍රශ්නයක් උනාම ඉස්පිරිතාලයට . ඔච්චරයි. කම්පනයක් නෑ සමාජයට

ඇයි ඒ. තෙතමනයක් නෑ.තෙතමනය ගේන්නනම් අධ්‍යාපනය සාහිත්‍යය කලාව ආගම  මේවා විසින් ආධ්‍යාත්මය සහිත   මිනිස් පරපුරක් හදන්න ඕන. අන්න  ඒගොල්ලො නියෝජනය කරන්නේ විනාශකාරී සමාජය.  අපි  නියෝජනය කරන්නේ මේ විනාශකාරී සමාජය සුවපත් කරන යහපත් සමාජයක්. ඒක ජාතික ජනබලවේගයේ අපේක්ෂාව.ඒගොල්ලො සහ අපි වෙනස් එතනින්.

ඒගොල්ලො සහ අපි වෙනස්  දේශපාලනයෙන්. ඒගොල්ලන්ගෙ දේශපාලනය මොකක්ද.උපයාගැනීම.

මෑතකදී වාර්තාවක් ආවා මොකක්ද.  විගණකාධිපතිවරයා කියන්නේ කවුද නිල වශයෙන් ආණ්ඩුවේ මුදල් පිළිබඳව විගණනය කරලා සිදුවී තිබෙන දේ වාර්තා කරන කෙනා. අපේ  npp කෙනෙක් නෙමෙයි.රජයේ විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා

එයා මොකක්ද ඉදිරිපත් කරේ වාර්තාවෙන්. අපි පහුගිය කාලෙ කෝටි ලක්ශ 8 ක් ව්‍යාපෘති ණය අරගෙන තියෙනවා පාලම් හදන්න බෝක්කු හදන්න වරායවල් හදන්න පිට්ටනි හදන්න අපි ණය අරන් තියෙනවා කොච්චරක්ද රුපියල් කෝටි ලක්ෂ 8ක්. හැබැයි හදලා තියෙන වත්කම් ටික බැලුවම ඒවා වටින්නේ රුපියල් කෝටි ලක්ෂ දෙකයි ලු.

එතුමා ඒ වාර්තාව ඉදිරිපත් කරන කතාවෙදි කියනවා දෙදහස් පහළොවේ ඉඳන් අපි හොයනවලු අනිත් ඒවා කෝ කියලා අවුරුදු අටක් හොයනවා දැන්.

අමාරු වෙන්න  ඕන නෑ. ප්‍රසන්නගේ ගෙදරට ගියොත් මැදමුලනේ වලව්වට ගියොත් රවීගෙ ගෙදර ගියොත් බඩු තියෙනවා .

නැද්ද ? මේ වෙලා තියෙන්නෙ මොකක්ද? මේ ආර්ථිකය කඩා වැටෙන්න හේතුව මොකක්ද? මේ දේශපාලනය

කෝටි ලක්ශ 8 ක් ණය අරන් හදල තියෙන්නෙ කෝටි ලක්ශ දෙකක නම්,
අපි සාමාන්‍යයෙන් හිතුවේ මොකක්ද 75% හදලා 25%ක් ගහනවා කියලා. මේ වාර්තාව අනුව හදල තියෙන්නෙ 25% ක්. 75%ක් ගහලා

ඒක නෙමේ දේශපාලනය. මේ දේශපාලනය වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්න ඕන "

Latest