Skip to content

කබලෙන් ලිපට වැටෙන්න යන මිනිස්සු

බෙංගාල බොක්ක ආශ්‍රිතව Mocha සුළි කුණාටුව ශක්තිමත් වෙමින් පවතින බවට සනාථ වන චන් ද්‍රිකා දර්ශණ​.

Mocha සුළි කුණාටුව ලොව විශාලතම සරණාගත කඳවුර දෙසට ගමන් කරයි.

බෙංගාල බොක්කෙහි ශක්තිමත් වෙමින් පවතින මෝඛා සුළි කුණාටුව බටහිර මියන්මාරයට සහ බංග්ලාදේශයේ 'Cox’s Bazar'වෙත ගමන් කිරීමට නියමිතව ඇති අතර, අදාළ ප්‍රදේශය සලකන්නේ මිලියනයක පමණ ජනතාවක් ජීවත් වෙන ලොව විශාලතම සරණාගත කඳවුර ලෙසටයි.

මෝඛා සුළි කුණාටුව බෙංගාල බොක්කෙහි මෙම වසර තුල ඇතිවූ පළමු අවස්ථාව මෙය වන අතර ඉරිදා දිනය වන විට එය ගොඩබිමට ගමන් කිරීමේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බව අපේක්‍ෂා කරනවා. බොහෝ විට මෙම සුළි කුණාටුව එදින වන විට බංග්ලාදේශ දේශ සීමාවට ආසන්නව පිහිටි බටහිර මියන්මාරයේ 'Rakhine' ප්‍රාන්තය වෙත ගමන් කරනු ඇති.

Joint Typhoon අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, මෝඛා සුළි කුණාටුව සිකුරාදා 1 වන කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවකට සමාන ලෙස ශක්තිමත් වූ අතර පැයට කිලෝමීටර 11 (පැයට සැතපුම් 7) වේගයෙන් උතුරු දිශාවට ගමන් කරමින් සිටී. ඉරිදා උදෑසන ගොඩබිමට පැමිණීමට පෙර මෙම වේගය​ පැයට කිලෝමීටර් 220 (පැයට සැතපුම් 137) දක්වා ඉහළ යා හැකි බව අදාළ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කර සිටී. එය සමාන වන්නේ 4 වන කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවකටය​.

වඩාත් ශෝකජනකම කාරණය වන්නේ සුළි කුණාටුවේ ගමන් මග අනුව; මියන්මාරයේ හිංසා පීඩාවලට ලක්ව පලා ගිය තමන් ගේම රටක් නැති Rohingya නු වැසියන් සුළි කුණාටුව හේතුවෙන් ද පීඩාවට ලක් වීමට ඇති අවදානමය​. මොවුන් බොහෝමයක් දෙනා ජීවත්වන්නේ කඳු බෑවුම්වල පිහිටා ඇති උණ බම්බු සහ ටාපෝලින් නවාතැන් වල ය. බන්ගලාදේශ රජය ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු පිණිස අදාළ සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව මනුෂයත්වය අගය කරන අප කාගේත් පැතුමයි.

Latest