Skip to content

ඉදිරි පැය 24 තුළ ඉන්දියාවට බිපාර්ජෝයි සුළි කුණාටුව

බිපාර්ජෝයි සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ ඉන්දියාවට ඇතුළු වීමට නියමිතයි.

අරාබි මුහුදේ ඇතිව තිබෙන සුළි කුණාටුවක් වන බිපාර්ජෝයි සුළි කුණාටුවේ බලපෑම ගුජරාට්, කේරළ සහ කර්නාටක ප්‍රාන්තවලටද ලක්ෂ්ද්වීප් දූපත්වලටද බලපාන බව හෙළිව තිබෙනවා.

මේ වනවිටත් බොහෝ ප්‍රාන්තවලට මෙම කුණාටුව නිසා වැසි සහිත තත්ත්වයක් ඇතිව තිබෙනවා.

සුළි කුණාටුවේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 145 ක් දක්වා ඉහළ යා හැකි බව අනුමාන කෙරෙනවා.

මෙම සුළි කුණාටුව බිපාර්ජෝයි ලෙස නම් කර ඇත්තේ බංග්ලාදේශයෙන් වන අතර එහි තේරුම විපත් යන්නයි.

Latest