Skip to content

අපරාධ කරුවන් නිදැල්ලේ කියා හඟුරන්කෙත පොලිසියට විරෝදය

ඊයේ දින රාත්‍රියේ ( 26 ) හඟුරන්කෙත ප්‍රදේශයේ 200 කට අධික ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රදේශයේ පොලිස් ස්ථානයට එරෙහිව විරෝධතාවක් පලකර ඇති අතර ඔවුන් එහිදී පොලිසියට බලහත්කාරයෙන් ඇතුළුවීමට ද උත්සාහ දරා ඇත. අනතුරුව පිරිස පලවා හැරීම සඳහා පොලීසිය හට අහසට වෙඩි තබීමට ද සිදුව ඇත.

කෙසේ නමුත් හඟුරන්කෙත පදිංචි ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් මේ පිළිබඳව සිදුකරන ලද විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ පොලීසිය වැටලූයේ යැයි මාධ්‍ය වාර්තා කර සිටිය ද පොලිස් ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කල ද කිසි ලෙසකත් ඇතුළු නොවූ බවය. අහසට වෙඩි තැබීමෙන් පසු ප්‍රදේශවාසීන් හඟුරන්කෙත - මහනුවර ප්‍රධාන මාර්ගයේ පැයකට ආසන්න කාලයක් සිය විරෝධතාවය පළකර විසිර ගිය බවත් කිසිදු දේපළ හෝ මිනිස් හානියක් සිදු නොවූ බවත් ඔවුන් සඳහන් කර සිටී.

මෙම විරෝධතාවය සඳහා හේතු වී ඇත්තේ හඟුරන්කෙත දියතිලකපුර ප්‍රදේශයේ පදිංචි පහර දීමකින් මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුතු අපරාධකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබීම සහ සියළුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හට නොහැකි වී තිබීමය. එබැවින් විරෝධතකාරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ අදාළ අපරාධකරුවන් කඩිනමින් අතඩංගුවට ගන්නා ලෙසය.

Latest