Skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තවත් ලෝක වාර්තාවක්..

වසර 146ක ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තවත් වාර්තාවක් සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ ටෙස්ට් තරගයක එකම ඉනිමක පළමු කඩුළු දෙක සඳහා ද්විත්ව ශතක සබඳතා දෙකක් වාර්තා කිරීම සමගය.

මින් පෙර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයටම එක් ඉනිමක පළමු කඩුළු දෙක සඳහා ද්විත්ව ශතක සබඳතා වාර්තා වී ඇත්තේ දෙවරක් පමණි. ඒ 2008 සහ 2009 වසරවලදි ඉන්දීය කණ්ඩායම පිළිවලින් දකුණු අප්‍රිකාවට සහ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයක පළමු කඩුළු දෙක සඳහා ද්විත්ව ශතක සබඳතා වාර්තා කර තිබිණි.

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙදි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුශ්ක අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 228ක සබඳතාවක් ගොඩ නැඟුණු අතර දිමුත් කරුණාරත්න ලකුණු 115කට දැවී ගිය පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ නිශාන් මධුශ්ක එක්ව මේ වනවිට පන්දුවාර 55කදි ලකුණු 230ක් වාර්තා කර සිටිති.

මේවන විට ලකුණු පුවරුව.

ශ්‍රී ලංකාව - කඩුල්ලක් දැවී ලකුණු 458 යි.

දිමුත් කරුණාරත්න - ලකුණු 115
නිශාන් මධුශ්ක - ලකුණු 187 නොදැවී
කුසල් මෙන්ඩිස් - ලකුණු 144 නොදැවී

- Waruna Sudantha Herath

Latest