Skip to content

2028 සිට ඔලිම්පික් වලට ක්‍රිකට් එක්වේ.

2028 වසරේ සිට ඉදිරියට පැවැත්වීමට නියමිත සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලකටම එහි එක් තරඟ අංශයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිල අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව එළඹෙන 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ප්‍රථම වරට ක්‍රිකට් ක්‍රීඩාව එක්වනු ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත. මෙම ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2028 ජූලි 14 සිට 30 දක්වා ලොස් ඇන්ජලීස් සහ ඒ අවට පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින්  මෙතෙක් පැවති  ඔලිම්පික් තරඟ ඉසව් 28 ක් තරඟාවලියෙන් තාවකාලිකව ඉවත් කර ඇති අතර, ඊට විකල්ප ක්‍රීඩා ලෙස පළමු වරට ක්‍රිකට් සහ බේස්බෝල්/සැහැල්ලු පන්දු, ධජ පාපන්දු, ලැක්‍රෝස් සහ ස්කොෂ් ක්‍රීඩා එකතු කිරීමට සංවිධායක කමිටුව යෝජනා කර ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව මුල්වරට මෙසේ එයට ක්‍රිකට් ක්‍රීඩාව එක් කෙරෙන නිසා 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෝකයේ වැඩි ආකර්ෂණයක් සහිත ක්‍රීඩා උළෙලක් බවට පත් වනු ඇති බව ක්‍රීඩා විචාරකයින් සදහන් කරයි.

Latest