Skip to content

පොලිස්පති, කොස්තාපල්ගෙන් සමාව ගත් අධිකරණ තීන්දුව.

කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පොලිස්පති වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතා මැදව්චචිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා හමුවේ විවෘත අධිකරණයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව අයදා සිටියේය.

අදාල පොලිස් කොස්තාපල්වරයාගෙන් පළිගැනීම සඳහා සැලසුම් සහගතව ගංජා මිළි ග්‍රෑම් 85010 ක් සන්තකයේ තබා ගැනීම ජවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කල බවට මැදවච්චිය අධිකරණයේදී අනාවරනය විය.

පසුව පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ විමර්ශන කාර්යංශය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විමර්ශනයකදී  පළි ගැනීමේ චේතනාවෙන් පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩු පවරා බන්ධනාගාරගත කොට ඇති බවටය.

මෙම තොරතුරු අනාවරනය වීමෙන් පසුව මැදවච්චිය අධිකරණයේදී වැඩිදුරටත් කරුණු ගෙන දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතා කියා සිටියේ, අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනා කොට්ඨාශයකට ස්ථාන මාරු කොට ඉදිරියේදී වැඩ තහනම් කොට ඔවුන්ට එරෙහිව ද්වේශ  සහගතව නඩු පැවරීමේ චෝදනා යටතේ මෙම අධිකරණයේම නඩු පවරන බවට ද සහතික විය.

කොස්තාපල් ජේ.ඩී. සදුන්

තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කල මැදවච්චිය ඇටවීරගොල්ලෑව පදිංචි පොලිස් කොස්තාපල් (83840) ජේ.ඩී. සදුන් මහතාට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් පවරා තිබු නඩුව ඉල්ලා අස්කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ වනන විට වැඩ තහනම් කොට සිටින ජේ.ඩී. සදුන් මහතා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව ද අධිකරණයට සහතික විය.

පොලිස්පතිවරයාගේ නියමයෙන් කළ විමර්ශනයේදී තම සේවාදායකයාගේ නිර්දෝෂිභාවය හෙළි කර ගනිමින් ඔහුට එරෙහි නඩුව ඉල්ලා අස් කර ගැනීමටට මෙන්ම තම සේවාදායකයාට එරෙහිව නීතීය අවභාවිතා කළ නිලධාරීන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පොරොන්දුවීම පිළිබදව පොලිස්පතිවරයාට සහ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් කෘතඥතාවය පළ කළේය.

පැමිණීල්ල වෙනුවෙන් මැදවච්චිය පොලිසියේ නිලධාරීන් සමඟ පොලිස් විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී එස් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය” සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බංඩාර මහතා පෙනී සිටියේය.

Latest