"සමූපකාරය රටේ ජීවයේ කොටසක්. නීතිරීති තිබූ පලියට ම කටයුතු කිරීම ඒ ජීවයට හානියක්. යුගයේ අභියෝග ජය ගන්නට නීතිරීති ලිහිල් කළ යුතුයි. සමූපකාරයට දෙපයින් සිටගත හැකියි. ජාතික නිෂ්පාදනය සඳහා ඇති සරල ම මාර්ගය, සමූපකාර ව්‍යාපාරයයි " යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ජාත්‍යන්තර සමුපකාර දින සැමරුමට රාජකීය විද්‍යාලයීය ශාලාවේදී පසුගියදා එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
"සමුපකාරය අපේ රටේ ජීවයේ කොටසක්. අපේ රටේ ජීවය අන්‍යෝන්‍ය සහයෝගයයි. අපේ මුළු මහත් ජාතියේ පැවැත්ම අඛණ්ඩව ගමින් ගමට පැවතියේ ඒ නිසයි. ගමින් ගමට ස්වයංපෝෂිත වූ ඉතිහාසයක අන්‍යෝන්‍ය බෙදා ගැනීම, බෙදාහැරීම, සුරක්ෂිත කිරීම වැනි හැම කටයුත්තකට ම සමුපකාරය අද කියාපාන මූලධර්ම පිහිටා තිබුණා.
සමුපකාර ව්‍යාපාරය අවුරුදු සියයකට ප්‍රථම විවිධ ක්ෂේත්‍රයන්වලින් ආරම්භ වුණා. ඒ සමුපකාර දර්ශනය වගේම වැඩපිළිවෙළ අපි රජය හැටියට අගය කරනවා.
101 වසරක ඉතිහාස කාලය තුළ සමුපකාර ව්‍යාපාරය කුමන ස්වභාවික හෝ ස්වාභාවික නොවන රාජ්‍ය නීතියට ගොදුරුවෙලා තිබෙනවාද. එනමුත් සාමාජික සාමාජිකාවන්ගේ ශක්තිය, නිර්මාණශීලීත්වය නිසා රටේ විවිධ පළාත්වල විවිධ ක්ෂේත්‍රවල සමුපකාර ව්‍යාපාරය අඛණ්ඩව ඇදී ගියා.
ණය දෙන සමිති විවිධ ගැටලුවලදී උදව් දෙන සමිති බවට පරිවර්තනය වෙමින් සාමාජික සාමාජිකාවන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය දැඩිව ගොඩ නැගුවා. විවිධ ක්ෂේත්‍රයන්හි ගොවිතැන, කෘෂිකර්මය, ධීවර, හස්ත කර්මාන්තය ආදී විවිධ කර්මාන්තවලට පිවිසුණා.
එලෙස ගොඩනැගී ගමින් ගමට ගමන් කළ ව්‍යාපාරයක් ලෙස විවිධ ආර්ථික ක්ෂේත්‍රයන්වල නිෂ්පාදනය, සේවා, පමණක් නොව ආදර්ශමත් මැදිහත්කරුවෙක් බවට කටයුතු කළා.
නීතිරීති බොහෝ දුරට ලිහිල් කරන්නට ඕනේ. අද යුගයේ තිබෙන අභියෝගයන් ජය ගන්නටත් ඕනේ.සමුපකාරයට දෙපයින් සිටගත හැකි බව අපි විශ්වාස කරනවා.පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික කඩා වැටීම සහ බංකොලොත්භාවය ඉදිරියේ ජාතියෙ ආහාර නිෂ්පාදනය සුරක්ෂිත කරන්නට සාකච්ඡා කරන අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන්ට අතිරේකව ආචාර්ය කිරිවන්දෙණිය මැතිතුමා කැඳවන්නට ජනාධිපතිතුමාට යෝජනා කළා.
ගමින් ගමට තිබෙන හයියක් තමයි සණස සහ සමුපකාරය. මෙය යළි ගමින් ගමට ජාතික නිෂ්පාදනය සඳහා යොදා ගන්නට පුළුවන් වූ සරල ම මාර්ගය බවට පත්වෙනවා.ආහාරයෙන් සුරක්ෂිත වන ඉලක්කයට ගමන් කිරීම සඳහා ස්වයංපෝෂිත ගම්මාන ඇති කරන වැඩපිළිවෙළට අත්වැල් බැඳගන්න සණස සහ සමුපකාරය කැමති වුණා.
ලංකාවෙ වැඩිම දේපළ තියෙන්නෙ සමුපකාරයට. කිසිම ආකාරයක සංගණනයක් කරලා නැහැ. අපේ පැරැන්නන් ඇති කරපු සමුපකාරය ඔවුන් අපි අතරෙන් වෙන් වෙලා යනකොට අරගෙන ගියේ නැහැ.
ඔප්පු නැතුව වුනත් ඊළඟ පරම්පරාවට බාරදීලා ගියා. මේ ආකාරයේ දේපළ දහස් ගණනක් තියෙනවා.
සමුපකාර මහ කොමසාරිස්තුමාගේ වාර්තාවට මම එකඟ වෙන්නේ නැහැ. මොකද ඒ වාර්තාවල සංඛ්‍යාලේඛන හරියාකාරව සඳහන් වෙලා නැහැ. එතකොට පාර්ලිමේන්තුවත් නොමග යනවා.විගණකාධිපතිත් නොමග යවනවා. රටේ මෙවැනි දේපළ රාශියක් තිබෙනවා.මේ දේපල සම්භාරය සමුපකාරය සතුයි. ඒවා සමුපකාරයට දායාද කළ දේපළ. සමුපකාරය ගොඩනඟපු දේපළ.
සමුපකාරය මහා වටිනා කමකින් සමන්විතයි.තිරසාර සංවර්ධනය සඳහා හැමදාම එකමුතුවෙන් ගමන් කිරීමට නම් ඔබේ සහයෝගය මේ පිළිබඳව යළි අවශ්‍ය වෙනවා. අලුත් ක්ෂේත්‍රවලට පිවිසෙන්න ඉඩකඩ ඇති කළ හැකි යම් යම් නීති රීති හඳුන්වා දිය යුතුයි.
අවුරුදු හතළිහකට පෙර පළාත් සභාවට අපි සමුපකාර භාර දුන්නා. එහි ප්‍රගතියක් තිබෙනවාද පසුබෑමක් තිබෙනවා ද ? එහි සාර්ථකත්වය තිබෙනවාද යන්න පිළිබඳ විශේෂයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නවා.
නීති රීතිවල තිබුණ පලියට කටයුතු කිරීමෙන් ඇතිවන දුර්වලතාවයන් සමුපකාර ව්‍යාපාරයේ ජීවයට හානියක්.අපි නිවැරදි කිරීම්වලට යන්න ඕන කියන එක තමා සාමාජික සාමාජිකාවන් ට මේ වෙලාවේ යළි ගෞරවයෙන් සිහිපත් කරන්නේ.
අත්දැකීම් සම්භාරයකින් පෝෂණය ලැබූ, ශක්තිමත් වූ, ආදර්ශයන් අලුත් පරම්පරාවට ලබා දීමට පුළුවන් වූ නායකත්වයක් සමුපකාර ව්‍යාපාරයට තිබෙනවා. තවත් දොළොස් මසකදී මේ රටේ හැම ගම්මානයකට ම සමුපකාර පණිවුඩය යළිත් ගෙන යන්නට කටයුතු කරමු."
මෙම අවස්ථාව සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියලේන්ද්‍රන් , ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, සීමාසහිත සණස මහා සංගමයේ සභාපති ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩී. ජීවනාදන්, වෙළඳ හා වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශ ලේකම් එම්. පී. එම්. බී. අතපත්තු යන මහත්තුරු මෙන්ම සමුපකාර සමාජිකයෝ රැසක් ද සහභාගී වූහ
(චායාරූප - අග්‍රාමාත්‍යය මාධ්‍ය අංශය)