Skip to content

මානව සම්භවය සමඟ බැදුණ කුමන්ත්‍රණ න්‍යායන් 2 ; ආත්මය සහ සඳ

මානව සම්භවය සමඟ බැදුණ කුමන්ත්‍රණ න්‍යායන් 1 ; අනුනාකිවරු, ඩේවිඩ් අයික් සහ එලිස් සිල්වර්
ඔයාගේ ලෝකය මායාවක්. ඔයාගේ තීරණ කිසිම එකක් අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ යාලුවෝ, ඔයාගේ පවුල සහ ඔයා වටේ සිටින සියලු දෙනාම ඔයාගේ මනසේ ප්‍රකාශනයන් ඒ කි

ආත්මය කියලා දෙයක් ඇත්තටම තියෙනවාද?

මේ ප්‍රශ්නය මානව ඉතිහාසය පුරාවටම සාකච්ඡා කරපු ප්‍රශ්නයක්. ප්ලේටෝ සහ සොක්‍රටීස් වගේ ග්‍රීක දාර්ශනිකයන් ශරීරය මරණයට පත්වුනාට පසුව ජීවත් වෙන අමරණීය ආත්මයක් ගැන යෝජනා කරලා තියෙනවා. ආත්මය කියන්නේ දෙවියන් වහන්සේ නිර්මාණය කෙරූ සදාකාලිකව පවතින දෙයක් කියලා ගොඩක් ආගම් කියනවා.

ප්ලේටෝ 
සොක්‍රටීස් 

20 වන සියවසේ මුල් භාගයේදී වෛද්‍ය ඩන්කන් මැක්ඩොගල් මැනිය හැකි ස්කන්ධයක් ආත්මයට තියෙනවාද කියලා බලන්න උත්සහ කරලා තියෙනවා. ආත්මයක් ඇත්තටම තියෙනවා නම් එයට අනිවාර්‍යෙන්ම බරක් තියෙන්න ඕනේ කියලා ඔහු හිතලා තියෙනවා. ඉතින් මරණයෙන් පස්සේ ආත්මය ශරීරයෙන් ගැලවිලා යනවා නම් ශරීරයේ බර අඩු වෙන්න ඕනේ කියන එක ඔහු උපකල්පනය කෙරුවා. මේ උපකල්පනය තහවුරු කර ගන්න ඕනේ නිසා මැක්ඩොගල් මිය යමින් හිටපු රෝගීන් හය දෙනෙක් සංවේදී තරාදියක ඒ කියන්නේ සෙන්සිටිව් ස්කේල් (Sensitive Scale) එකකට සම්බන්ධ කරලා පරීක්ෂණයක් සිදු කෙරුවා. මේ රෝගීන් මිය යන මොහොතේ ඔවුන්ගේ ශරීරයෙන් ග්‍රෑම් 21 ක බරක් අඩු වෙලා තියෙනවා. මැක්ඩොගල් මේ බර ප්‍රමාණය ආත්මයේ ස්කන්ධය කියලා නිගමනය කෙරුවා.

"හැබැයි මේ පරීක්ෂණයට යොදා ගත්ත කුඩා නියැදි ප්‍රමාණය සහ ක්‍රමවේදයේ තිබුණ දෝෂයන් නිසා මේ පරික්ෂණයෙන් ලබපු ප්‍රතිඵල කවුරුත් පිළි ගත්තේ නැහැ."

වෛද්‍ය ඩන්කන් මැක්ඩොගල්

නූතන ස්නායු විද්‍යාව කියන විදිහට අපගේ සිහිය ඒ කියන්නේ කොන්චස්නස් (Consciousness) එක සහ මම පිළිබඳ හැඟීම ඒ කියන්නේ සෙන්ස් ඔෆ් සෙල්ෆ් (Sense Of Self) පවතින්නේ අපේ භෞතික මොළයේ කියලා. එහෙම නැතුව වෙනම පවතින ආත්මයක් කියලා දෙයක් නැහැ කියන එක නූතන ස්නායු විද්‍යාව තව දුරටත් කියනවා. මොළයේ නිරූපණ ඒ කියන්නේ බ්‍රේන් ඉමේජින් (Brain Imaging) පෙන්වන විදිහට අපගේ පෞරුෂය හෝ මතකයන් සහ හැකියාවන් නියුරෝන තුළ පවතින භෞතික රටා සහ ක්‍රියාකාරකම් සමඟ සමබන්ධ වෙලා තියෙනවා. තුවාල හෝ රෝග නිසා මොළයට ඇති වන හානි නිසා සංවේදීතාව, සංජානනය, චලනය, හැඟීම් සහ කෙනෙකුගේ අනන්‍යතාවයට පවා බලපෑමක් එල්ල වෙන්න පුලුවන්.

කොහොම වුනත් මේ ගැන තවත් තර්කයක් තියෙනවා. සංජානනය සහ දැනුවත්භාවය සඳහා මොළය සම්බන්ධ වෙලා තිබුණත් අපගේ සවිඥානික මනස නිර්මාණය කරන ශක්තිය වෙන්නේ ආත්මය කියලා මේ තර්කයෙන් යෝජනා කරනවා. මේ තර්කය සත්‍යයක් නම් මරණින් පසුවත් විඥාණය දිගටම පවතින එක වෙන්න පුලුවන් දෙයක්.

ක්වොන්ටම් භෞතික විද්‍යාවේ භාවිතා කරන නව න්‍යායන්ට අනුව ආත්මය කියන දෙය කාලය සහ අවකාශයෙන් ඔබ්බට ගියපු වෙනත් මානයක පවතින්න පුලුවන් කියන අදහස යෝජනා කරනවා. සමහර විද්වතුන් මේ යෝජනාව ක්වොන්ටම් නන්-ලෝකලිටි (Quantum Non-Locality) සහ එන්ටැන්ග්ල්මන්ට් (Entanglement) සමඟ සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මෙතනදි තමයි ආලෝකයේ වේගයටත් වඩා ක්ෂණිකව අංශු අතර තොරතුරු සම්ප්‍රේෂණය වෙන්නේ. මෙතනදි අංශු අතර තියෙන දුර ප්‍රමාණය අදාල වෙන්නේ නැහැ. ආත්මය ක්වොන්ටම් මට්ටම හරහා ශරීරය සමඟ අන්තර් ක්‍රියා කරන බව මේ අදහස යෝජනා කරනවා. තවත් විදිහකට කියනවා නම් ඕනැම දුරක් හරහා ආත්මය සහ ශරීරය ක්ෂණිකව තොරතුරු හුවමාරු කර ගන්නවා.

මරණාසන්න අත්දැකීම් ඒ කියන්නේ නියර් ඩෙත් එක්ස්පීරියන්ස් (Near-Death Experiences) ගැන කරපු අධ්‍යයනයන් වලදී ශරීරයෙන් ආත්මය ඉවත් වෙලා උමගක් හරහා ගිහින් දේවදූතයන් හෝ මියගිය ඥාතීන් දකින්නට ලැබුණු අත්දැකීම් ගැන වාර්තා වෙලා තියෙනවා. හැබැයි ස්නායු විද්‍යාව කියන්නේ NDEs කියන්නේ ආතති තත්වයක් නිසා භෞතික මොළය විසින් නිර්මාණය කරන දෙයක් කියලා. ආත්මය පිළිබඳ ශක්තිමත් විද්‍යාත්මක සාක්ෂි තවමත් හොයා ගෙන නැහැ. සමහර විට ආත්මය කියන්නේ අන්වීක්ෂයකින් හරි පරිගණකයෙන් හරි හොයා ගන්න පුලුවන් විදිහට නිර්මාණය වුන දෙයක් නොවෙන්න පුලුවන්.

"මතක තියා ගන්න ආත්මය පෙනුනේ නැති වුන පලියට ආත්මය කියලා දෙයක් ඇත්තටම පවතින්නේ නැහැ කියන එක අපිට කියන්න බැහැ."

ලෝකය පුරා තියෙන ආගම් ගොඩක් කියන දෙයක් තමයි ආත්මය සදාකාලික දෙයක් කියන එක. යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම් කියන විදිහට ආත්මය කියන්නේ දෙවියන් වහන්සේගෙන් ආරම්භ වෙන දෙයක්. ඇදහිල්ල සහ යහපත් ජීවිතය තුළින් සදාකාලික ජීවයක් ඒ කියන්නේ ඉටර්නල් ලයිෆ් (Eternal Life) එකක් ලබා ගන්න පුලුවන් කියන එක මේ ආගම් යෝජනා කරනවා. හින්දු ආගම සහ සීක් ආගම විශ්වාස කරන විදිහට ආත්මය කියන්නේ අමරණීය දෙයක්. ආත්මය කර්මය මත පදනම් වෙලා නැවත ඉපදීම සිදු වෙනවා.

හැබැයි බෞද්ධ දර්ශනය ටිකක් වෙනස් එකක්. ජීවන රෝදය ඒ කියන්නේ වීල් ඔෆ් ලයිෆ් (Wheel Of Life) සංසාරය ගැන සංකේතාත්මක චිත්‍රයක් සපයනවා. බෞද්ධයින් නිර්වාණය අවබෝධ කර ගැනීම මගින් මේ සංසාර චක්‍රයෙන් මිදෙනවා. හැබැයි මේ සංසාර චක්‍රයෙන් මිදෙන එක ලේසි වැඩක් නම් නෙමේ. ඒකට ජීවිත ගණනාවක් පුරාවට උත්සාහයන් ගොඩක් කරන්න ඕනේ. ලෝකය පුරා තියෙන ආරාම සහ බෞද්ධ පාසල් වල වීල් ඔෆ් ලයිෆ් ගැන පෙන්වන චිත්‍ර වල අපට සිත් ඇදගන්නාසුළු දෙයක් දකින්න හම්බෙනවා.

"මේ චිත්‍ර වල සිද්ධාර්ථ ගෞතම මහා බෝධිසත්වයන් සඳ දිහාට තමන්ගේ ඇගිල්ල දික් කරලා පෙන්නනවා."

වීල් ඔෆ් ලයිෆ්

සඳ කියන්නේ රාත්‍රී අහසේ අපට වඩාත්ම හුරුපුරුදු වස්තුව. සඳ නිසා දේව කතා, පුරාවෘත්ත සහ ආගම් පවා නිර්මාණය වෙලා තියෙනවා. මානව ඉතිහාසය පුරාවටම විද්‍යාත්මක ප්‍රජාවගේ කුතුහලය අවුස්සන්න සඳට පුලුවන් වෙලා තියෙනවා. සඳ කියන්නේ අමුතු දෙයක්. ඇත්තටම කියනවා නම් තොරතුරු වලට අනුව සඳ කියන්නේ පෘථිවි කක්ෂයේ පවතින්න බැරි දෙයක්.

සඳෙ කක්ෂය පෘථිවියට ගොඩක් සමීපයෙන් තියෙන්නේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හෝ වෙනත් ඕනෑම සෞරග්‍රහ මණ්ඩලයක ධාරක ග්‍රහලෝකයට සාපේක්ෂව විශාලතම සඳ වෙන්නේ පෘථිවි කක්ෂයේ තියෙන සඳ. මේ වගේ කිසිම දෙයක් මන්දාකිණියෙන් අපිට හොයා ගන්න බැහැ. ඒ විතරක් නෙමෙයි සඳ කියන්නේ ඉතා විශාල වස්තුවක්. වෙනත් ග්‍රහලෝක භාවිතා කරලා සඳෙ ප්‍රමාණය අනුමාන කෙරුවොත් සඳෙ විෂ්කම්භය සැතපුම් 40 ක් විතර වෙන්න ඕනේ. හැබැයි සඳෙ විෂ්කම්භය සැතපුම් 2000 කට වඩා වැඩියි. මේ වගේ දෙයක් වෙන කොහෙවත් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. පෘථිවියේ සඳ සමඟ සංසන්දනය කරන්න පුලුවන් ආසන්න ප්‍රමාණයක තියෙන එකම දේ ෂැරොන් කියන ප්ලූටෝ ග්‍රහලෝකයේ සඳ. ෂැරොන් කියන්නේ ප්ලූටෝ ග්‍රහලෝකයේ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් විතර වෙන සඳක්. හැබැයි ප්ලූටෝ සහ ෂැරොන් කියන්නේ ද්විත්ව වාමන ග්‍රහලෝකයක් ඒ කියන්නේ ඩබල් ඩ්වෝර්ෆ් ප්ලැනට් (Double Dwarf Planet) එකක් නිසා ඒක අදාල වෙන්නේ නැහැ.

ප්ලූටෝ සහ ෂැරොන්

පෘථිවිය සහ සඳ කියන්නෙත් ඇත්තටම ද්විත්ව ග්‍රහලෝකයක්. හැබැයි මෙතන ටිකක් අමුතු දෙයක් තියෙයි. බැරී මධ්‍යස්ථානය එහෙමත් නැති නම් පෘථිවිය සහ සඳ අතර තියෙන ගුරුත්වාකර්ෂණ මධ්‍යස්ථානය තියෙන්නේ පෘථිවිය ඇතුළේ. මේ නිසා සඳේ කක්ෂයේ අනිවාර්‍යෙන්ම සෙලවීමක් ඒ කියන්නේ වොබ්බල් (Wobble) එකක් තියෙන්නේ ඕනේ. සඳේ පොඩි සෙලවීමක් තිබුණත් සඳේ කක්ෂයේ නම් සෙලවීමක් නැහැ. සඳේ කක්ෂය කියන්නේ මෙච්චර කාලයකට දකින්න හම්බෙලා තියෙන පරිපූර්ණම වෘත්තාකාර වලින් එකක්. සඳ කක්ෂය සමඟ නිශ්චිත විදිහට ලොක් වෙලා තියෙන නිසා සෑම වෙලාවෙම පෘථිවියට දකින්න හම්බෙන්නේ සඳේ එක පැත්තක් විතරයි. ග්‍රහලෝක සහ සඳවල් සම්බන්ධයෙන් ගත්තාම මේක ඉතා අසාමාන්‍ය දෙයක්. සමහර විද්‍යාඥයින් තර්ක කරන්නේ සඳේ සෙලවීමක් දකින්න හම්බෙන්නේ නැත්තේ සඳ අභ්‍යන්තරයේ විශාල ඝනත්වයක් (Dense) නැති නිසා කියලා. හැබැයි එතනත් ප්‍රශ්නයක් තියෙනවා.

සඳ සහ පෘථිවිය එකම වෙලාවක නිර්මාණය වුනා නම් පෘථිවියේ මෙච්චර ඝනත්වයක් තියෙන්නේ කොහොමද?

1969 වර්ශයේ නොවැම්බර් මාසයේදී NASA ආයතනය සඳ වෙත මෙහෙයුමක් සඳහා ඇපලෝ 12 යානය දියත් කරනවා. මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වුනේ සඳෙහි අභ්‍යන්තරය විමර්ශනය කරන එක. ඇපලෝ 12 යානයේ හිටපු ගගනගාමීන් පෘථිවියේ භූමිකම්පා හඳුනා ගැනීමට භාවිතා කරන භූ කම්පන මාපක වලට සමාන භූ කම්පන මාපක කිහිපයක් සඳ මතුපිට තබනවා. ඊට පස්සේ මේ ගගනගාමීන් හිතාමතාම ඇස්සෙන්ට් අදියරේ මොඩියුල් එක සඳ මතට කඩා වට්ටනවා. එතකොට දකින්න හම්බෙලා තියෙන්නේ අමුතු දෙයක්. පැයකට වඩා වැඩි කාලයක් සඳ කම්පනය වෙනවා ඒ කියන්නේ වයිබ්‍රේට් (Vibrate) වෙනවා ඔවුන්ට දැක ගන්න හම්බෙලා තියෙනවා. සඳ සිනුවක් වගේ නාද වුනා කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. මෙන්න මේ සංසිද්ධිය නිසා සඳෙ අභ්‍යන්තරය හිස් වෙන්න ඕනේ එහෙමත් නැති නම් අඩුම ගානේ සඳ අභ්‍යන්තරයේ හිස් අවකාශයන් තියෙන්න ඕනේ කියලා ගොඩක් විද්වතුන් අනුමාන කරන්න පටන් ගත්තා. හැබැයි මේ න්‍යාය තහවුරු කරන්න විදිහක් නම් නැහැ. මොකද කියනවා නම් මේ න්‍යාය තහවුරු කරන්න අවශ්‍ය හැමදෙයක්ම තියෙන්නේ වසර ගණනාවක් තිස්සේ අතිශය රහසිගත විදිහට වර්ගීකරණය කරලා තියෙන චැපල් බෙල් (Chapel Bell) කියන නමින් හදුවන ඇපලෝ 17 ව්‍යාපෘතිය ඇතුළේ.

ඇපලෝ 12 මෙහෙයුමට සම්බන්ධ වුන ගගනගාමීන් 

මේ දේවල් අතිශය රහසිගත විදිහට වර්ගීකරණය කරලා තියෙන්නේ ඇයි?

සඳෙ අභ්‍යන්තරය හිස් විතරක් නෙමේ සඳ කියන්නේ බොහෝ කාලයකට කලින් පෘථිවියට ගෙනාපු කෘතීම යානයක් කියන න්‍යාය 1970 වර්ශයේදී සෝවියට් විද්යාඥයන් දෙදෙනෙක් යෝජනා කරනවා. සඳ අභ්‍යන්තරයේ ඝනතවය අඩු වීම සහ වයිබ්‍රේශන් එක වගේ ගොඩක් විෂමතාවලට විතරක් නෙමෙයි සඳ පෘථිවි කක්ෂයේ තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නයටත් උත්තර දෙන්න මේ න්‍යායට පුලුවන්. සඳෙ අමුතු ආවාට ගැන තියෙන ප්‍රශ්නයටත් උත්‍තරයක් දෙන්න මේ අභ්‍යාවකාශ යානා න්‍යායට පුලුවන්. සඳෙ ආවාට කියන්නේ ටිකක් අමුතු දෙයක්. ග්‍රහකයෙක් ග්‍රහලෝකයකට හරි සඳකට හරි වැටුනාම ඒ ප්‍රදේශයේ ලොකු ආවාටයක් ඇති වෙනවා. ග්‍රාහකය විශාල වෙන්න ආවාටයේ ගැඹුර වැඩි වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. හැබැයි කොච්චර විශාල වස්තුවක් සඳ මතට වැටුනත් සඳෙ ඇති වෙන ආවාටය සැතපුම් දෙකකට වඩා ගැඹුරකට යන්නේ නැහැ.

සඳෙ ආවාට

මේ හැමදෙයකටම විද්‍යාත්මක පැහැදිලි කිරීම් තියෙනවා. ඒත් අවංකවම කියනවා නම් ඒ පැහැදිලි කිරීම් වල අඩුපාඩු තියෙනවා. සඳ කියන්නේ අමුතු වස්තුවක්. සමහර විට සඳ පෘථිවි කක්ෂයේ තියෙන්න ඕනේ වස්තුවක් නොවෙන්න පුලුවන්. සමහර විට සඳෙ අභ්‍යන්තරය හිස් වෙන්න පුලුවන්. හැබැයි අපි අහන්න ඕනේ ප්‍රශ්නය ඒක නෙමෙයි.

සඳ කියන්නේ අපගේ හැසිරීමට බලපාන සම්ප්‍රේෂණ උපකරණයක්ද?

පුර පසළොස්වක පොහොය දවස් වලදී අපරාධ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. වාහන අනතුරු වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කාලයේදී වේදනාව පිළිබඳ අපිට තියෙන සංවේදීතාව වැඩි වෙනවා. සම්පූර්ණයෙන් පායලා තියෙන සඳ අපේ නින්දට බාධා කරනවා. සමහර අය පුර පසළොස්වක පොහොය දවස් වලදී අසාමාන්‍ය ලෙස හැසිරෙනවා. මේක වෙයාර්වුෆ් එෆෙක්ට් (Werewolf Effect) කියලත් හදුන්වනවා. ලූනාටික් (Lunatic) කියන වචනය ඇවිල්ලා තියෙන්නෙත් මෙතනින්.

පුර පසළොස්වක පොහොය දවස් වලදී දකින්න හම්බවෙන මේ හැසිරීම් ගොඩක් ඍණාත්මකයි. අපේ නිෂේධාත්මක හැඟීම් වලින් පෝෂණය වෙන පිටසක්වල ජීවින් ඉන්නවා නම් මේ හැම දෙයක්ම කරන්න ඔවුන් සඳ භාවිතා කරනවා කියන අදහසත් එක්ක මේ හැම දෙයක්ම හොදින් ගැලපෙනවා වගේ පේනවා.

නිෂේධාත්මක හැඟීම් ඇති කිරීම සඳහා තාක්ෂණය යොදා ගෙන අපේ යථාර්ථය වෙනස් කරන රෙප්ටීලියන් හියුමනොයිඩ් පිටසක්වල ජීවීන්...

අපේ හැඟීම් ආහාර විදිහට භාවිතා කරලා අපේ අත්මයන් නැවත ප්‍රතිචක්‍රිකරණය කරන සඳ මතුපිට තියෙන සෝල් කියුබ් එක...

මේ කතාව ටිකක් බරපතල කතාවක්...

හැබැයි මේ කතාව සත්‍යය වෙන්න පුලුවන්ද?

මේ කතාවේ සත්‍යය අසත්‍ය‍භාවය තීරණය වෙන්නේ ඔයාගේ පර්ස්පෙක්ටිව් (Perspective) එක සහ ඔයා විශ්වාස කරන දේවල් මත...

අපි එකින් එක අරගෙන මේක ලිහා ගන්න බලමු...

අනුනාකිවරු ගැන කතාව ලේඛනගත කරලා තියෙන්නේ සුමේරියානු ග්‍රන්ථ වල. සියුස්, ඇපලෝ, ඇතීනා වගේ ග්‍රීක දෙවිවරුන්, රෝම දෙවිවරුන් සහ නෝර්ස් දෙවිවරුන් ගැනත් මේ විදිහට වාර්තා වෙලා තියෙන ලියකියවිලි ඕනේ තරම් අපට හොයා ගන්න පුලුවන්. හැබැයි ඇත්තටම ඔවුන් දෙවිවරුද?

ඒක ඔයාම තීරණය කරන්න...

සුමේරියානු ග්‍රන්ථවල අර්ථකථන ගොඩක් දුරට පිළිගන්න බැරි ග්‍රන්ථ විදිහට තමයි සලකන්නේ. මොකද කියනවා නම් මේ පරිවර්තන වල ගොඩක් වැරදි තියෙනවා. සමහර අය එයාලගේ න්‍යායන් වලට ගැලපෙන විදිහට තමයි මේ ග්‍රන්ථ පරිවර්තනය කරලා තියෙන්නේ.

පෘථිවියේ සෑම සංස්කෘතියකම වගේ තියෙන මහා ජල ගැල්ම එක්ක අනුනාකිවරු සම්බන්ධ වෙනවා. අනුනාකි න්‍යායයේ ආධාරකරුවන් කියන දෙයක් තමයි මනුෂ්‍ය ජාන වලින් පිටසක්වල ජීවී ජාන හොයා ගන්න පුලුවන් කියන එක. හැබැයි ඇත්තම කතාව වෙන්න මනුෂ්‍ය DNA කියන්නේ විශේෂ දෙයක් නෙමෙයි. අපේ DNA පෘථිවියේ තියෙන සෑම දෙයක් සමඟම වගේ ගොඩක් ආසන්නයෙන් සම්බන්ධ වෙනවා. චිම්පන්සියන් ඔවුන්ගේ DNA වලින් 99% ක් විතර මිනිසුන් සමඟ බෙදා ගන්නවා. බල්ලන් සහ එළදෙනුන් ඔවුන්ගේ DNA වලින් 80% ක් විතර මිනිසුන් සමඟ බෙදා ගන්නවා. කුරුල්ලන් ඔවුන්ගේ DNA වලින් 65% ක් විතර බෙදා ගන්නවා.

"ඒ විතරක් නෙමේ කෙසෙල් ගෙඩි වල තියෙන DNA වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් මිනිසුන් සමඟ සම්බන්ධ වෙනවා."

ආචාර්‍ය එලිස් සිල්වර් ඉදිරිපත් කරන මිනිසුන් පෘථිවියෙන් බිහි වුනේ නැහැ කියන න්‍යාය ඇත්තටම සිත් ඇදගන්නාසුළු න්‍යායක්. මේ න්‍යාය තහවුරු කරන්න ඔහු විද්‍යාත්මක සාක්ෂි ගොඩක් ඉදිරිපත් කරනවා. හැබැයි මේ න්‍යායයේ ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා ඔහුම පිළිගන්නවා. මේ අඩුපාඩු වලට උත්තර හොයන්න ඔහු උත්සහ අරගෙන තියෙනවා. මිනිසුන්ගේ ආරම්භය වෙනත් ග්‍රහලෝකයකින් සිදු වුනා කියන අදහස ප්‍රධාන ධාරාවේ විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනවා. 2020 වර්ශයේදී පර්යේෂකයන් කණ්ඩායමකට හොයා ගන්න පුලුවන් වෙලා තියෙනවා වසර 50000 කට කලින් හිටපු පුරාණ මානවයින් අපි තවමත් හදුනාගෙන නැති ජීවී විශේෂයක් සමඟ එකතු වෙලා වර්ගයා බෝ කරලා තියෙනවා කියන එක. ගෝස්ට් DNA (Ghost DNA) විදිහට හදුන්වන හදුන්වන මේ විශේෂය ජීවත් වුනා යැයි කියා ඔවුන් අනුමාන කරන කාල සීමාව ආචාර්‍ය සිල්වර්ගේ න්‍යායයේ යෝජනා කරන කාල සීමාවට සමාන වෙනවා.

දැන් අපි උරග මිනිසුන් ගැන කතා කරමු...

උරග මිනිසුන්ගේ කුමන්ත්‍රණ න්‍යායේ ගැන කතා කරන වඩාත් ප්‍රසිද්ධම කෙනා තමයි ඩේවිඩ් අයික්. ඩේවිඩ් අයික් කියන්න හොඳින් තොරතුරු පරිශීලනය කරලා තියෙන කෙනෙක්. ඔහු හොඳින් භාෂාව හසුරවන්නත් දන්නවා. ඒ විතරක් නෙමෙයි ඔහු ගොඩක් විනෝදජනක පුද්ගලයෙක්. ඔහුගේ න්‍යායන් අතිශයින්ම නිර්මාණශීලී න්‍යායන්. ගොඩක් කුමන්ත්‍රණ න්‍යායන් වල ස්වභාවය තමයි අපිට ඒවා ඔප්පු කරන්නත් බැහැ ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. ඩේවිඩ් අයික් සම්බන්ධයෙනුත් ඒක ඒ එහෙමම තමයි.

"හැබැයි හොඳට මතක තියා ගන්න ඩේවිඩ් අයික් කියන්නේ 1991 වර්ශයේදී ටර්කියුයිස් ට්‍රැක් සූට් එකක් ඇඳගෙන රූපවාහිනී වැඩසටහනකට ඇවිත් තමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා කියපු කෙනෙක්. ඒ විතරක් නෙමේ ඉදිරියේදී ලෝකය අවසන් වීමට නියමිතයි කියලා අනාවැකියකුත් ඔහු කියලා තියෙනවා."

උරග මිනිසුන්ගේ කතාව ඇති වෙලා තියෙන්නේ 1934 වර්ශයේදී LA ටයිම්ස් පුවත්පතේ තිබුණ ලිපියකින්. මේ ලිපියට අනුව පතල් ඉංජිනේරුවෙක්ට ලොස් ඇන්ජලීස් නගරය යටින් තියෙන උමං මාර්ගයක් හොයා ගන්න පුලුවන් වෙලා තියෙනවා. මේ ඉංජිනේරුවා උමං මාර්ගය හොයන්න ගිහින් තියෙන්නේ හෝපි ඉන්දියානුවෙක් ඔහුට කියපු පුරාවෘත්ත කතාවක් අහලා. මේ පුරාවෘත්ත කතාවට අනුව වසර 5000 කට කලින් දියුණු තාක්ෂණයක් තිබුණ උරග මිනිසුන් ජාතියක් උමං මාර්ග හරහා පෘථිවියේ මතුපිටින් පැනලා ගිහින් තියෙනවා. හැබැයි ඇත්තටම උරග මිනිසුන් ගැන කියවෙන පුරාවෘත්ත කතාවක් හෝපි සංස්කෘතියේ නැහැ.

මම නම් උරග මිනිසුන් ගැන කියන කතාව විශ්වාස කරන්නේ නැහැ...

හැබැයි මම සඳ ගැන කියන දේවල් නම් විශ්වාස කරනවා...

සඳ කියන්නේ අමුතු වස්තුවක්...

එතකොට සිද්ධාර්ථ ගෞතම මහා බෝධිසත්වයන් සඳ දිහාට ඇගිල්ල දික් කරලා පෙන්නුවේ ඇයි?

බෞද්ධ දර්ශනය සහ ත්‍රිපිටකය පරිශීලනය කරපු ඕනෑම කෙනෙක් දන්නවා සඳ කියන්නේ අවධි කර ගත්ත මනසට කියන සංකේතාත්මක රූපයක් කියලා. සිද්ධාර්ථ ගෞතම මහා බෝධිසත්වයන් සඳ දිහාට දික් කරන ඇගිල්ලෙන් සංකේතවත් කරන්නේ මනස අවධි කර ගන්න දේශනා කරපු මාර්ගය.

ආර්‍ය අශ්‍ටාංගික මාර්ගය...

එහෙමත් නැති නම් සඳ පෙන්නුවාම පෙන්නපු ඇගිල්ල දිහා බලන්න එපා කියන අදහස අපිට ගන්නත් පුලුවන්...

ඉතින් ඔයා මේ ගැන හිතන්නේ මොකක්ද?

අපි නොදන්න Geopolitics ; AI තාක්ෂණයේ බලවතා වීම සඳහා ඇමරිකාව සහ චීනය අතර ඇති තරඟය
දිනෙන් දින ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යුද්ධයකට සමීප වෙමින් සිටිනවා. යුද්ධයක් කියපු ගමන් අපි හැමෝගෙම හිත් වල ඇති වෙන්නේ යුක්‍රේනය සහ රුසියා
පෘථිවි අභ්‍යන්තරයේ ඇති අගර්තා රාජධානිය ; පළමු කොටස
හිස් පෘතුවිය එහෙමත් නැතිනම් හැලෝ එර්ත් (Hallow Earth) කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් අතර තියෙන කතාවක්. අද්භූත රජෙක් පාලනය කරන භූගත රාජධානියක්
ලෙමූරියා මහද්වීපයේ අභිරහස
වසර දහස් ගණනක් තිස්සේ ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයේ අභිරහසට පුලුවන් වෙලා තියෙනවා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න. ජලයෙන් යට වුන පුරාණ නගරය ගැන මමත් ඔයා
ගීසාහි මහා පිරමීඩයේ රහස නිකොලා ටෙස්ලා දැන ගෙන සිටියා ”ද”? ; පළමු කොටස
පෘථිවිය ඇතුළත තියෙන ශක්තිය භාවිතා කරලා එහෙමත් නැති නම් හාර්නෙස් (Harness) කරලා නිපදවා ගන්න බලය රැහැන් රහිතව ලෝකය වටේ සම්ප්‍රේෂණය කිරීමේ තාක්ෂණය
අමරණීයත්වය සඳහා යතුර වූ තෝත්ගේ එමරල්ඩ් ටැබ්ලට් එක
මේ දෙකෙන් ඔයා මොකක්ද තෝරගන්නේ? සදාකාලික ජීවිතයක්... අසීමිත ධනයක්... මේ දෙකම තෝර ගන්න බැරිද? පුලුවන්... හැබැයි ඒකට ඔයාට ඕනේ වෙනවා ”දාර්ශනිකයාගේ ගල”

Latest