මෙම වසරේ (2023) ගෙවී ගිය මාස 6 ක කාලය තුලදී පමණක් රිලව්, වඳුරන්, දඪු ලේනුන් ඇතුලු වනසතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දෙයි.
ගෙවී ගිය 2022 වසරේ පමණක් රිලවුන්, දඩුලේනුන් ආදි වනසතුන් හේතුවෙන් පොල් ගෙඩි මිලියන 200ක් විනාශ කර දමා ඇතැයිද ඊට අමතරව තවත් බව බෝග විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවටත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණ වලින් හෙළි දරව් වී තිබේ.
කෙසේ වෙතත් ගෙවී ගිය මාස 6 මෙන්ම ඉදිරි මාස 6 ක කාලය තුලදී ද වනසතුන් විසින් සිදුකරන ලබන හානි පිළිබඳව සම්පූරණ වාර්ථාවක් කෘෂිකර්ම අමාත්‍යංශය වෙතට යොමු කිරීමටද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පියවර ගෙන ඇත.
මෙහිදී වැඩිම වගා හානියක් කර තිබෙන්නේ රිලවුන් වන අතරම වල් ඌරා, මොණරා, දඩුලේනා, ඉත්තෑවා හා වදුරන් සෙසු වගා හානි සතුන් වෙියි.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළේය.
