සත්කාරක සිබ්බාබ්වේ කණ්ඩායම මෙන්ම ප්‍රභල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයමටද මෙවර ලෝක කුසලාන තරඟාවලියසිහිනයක් කරමින් කෝඩුකාර නෙදර්ලන්තය ශ්‍රීලංකාව සමගින් මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ස්කොට්ලන්තයට එරෙහිව අද පැවති තීරණාතමක තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකරගත් නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස්කරගත්තේය.එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Brandon McMullen හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමග ලකුණු 106ක් රැස්කළේය.
එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Bas de Leede කඩුලු 5ක් බිඳහෙළීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 278ක් රැස්කරගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේය.
එහිදීද මෙම තරගය පුරා දක්ෂාතවන් දැක්වූ Bas de Leede පිත්තෙන් ද දස්කම් දක්වමින් හයේ පහර 5ක් සහ හතරේ පහරා 7ක් සමග ලකුණු 123ක් රැස්කළේ තරගයේ වීරයා සම්මානයද ලබාගැනිමිනි.
මේ වනවිට නෙදර්ලන්තය සහ ස්කෝට්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 6 බැගින් ලබා සිටියද දළලකුණු ලබාගැනීමේ වේගය අනුව නෙදර්ලන්තය විසින් ඉදිරියෙන් සිටීම හේතුවෙන් ස්කොට්ලන්තය ලෝක කුසලානය සඳහා ගමන්මග වසාදැමීමට නෙදර්ලන්තය සමත් වෙමින් ශ්‍රීලංකාව සමගින් 2023 ලෝක කුසාලානය වෙනුවෙන් සුදුසුකම් ලාබගන්නා ලදි.
මේ අතර ශ්‍රීලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පමණක් සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරඟයක් පමණක් ඉතිරිව ඇති අතර ඉටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය අභිනය රැකගැනීම වෙනුවෙන් ශ්‍රීලංකවට දැඩි අභියෝගයක් එල්ල කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවටද වාර්ථා වෙයි.
ලෝක කුසාලාන තරඟාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබාගත් රටවල් හා ලබාගත් ලකුණු කාල සටහන පහලින්.
ICC Cricket World Cup Qualifiers 2023 - Points Table
Super Sixes | Mat | Won | Lost | Tied | NR | Pts | NRR | ||
---|---|---|---|---|---|---|---|---|---|
4 | 4 | 0 | 0 | 0 | 8 | +1.817 | |||
5 | 3 | 2 | 0 | 0 | 6 | +0.230 | |||
5 | 3 | 2 | 0 | 0 | 6 | +0.102 | |||
5 | 3 | 2 | 0 | 0 | 6 | -0.099 | |||
4 | 1 | 3 | 0 | 0 | 2 | -0.091 | |||
5 | 0 | 5 | 0 | 0 | 0 | -1.973 | |||