ඌව පලාත් ගුරුමාරු මණ්ඩලය 2023 වර්ෂයට අදාළව ගුරුවරුන් මාරු කිරීම පිළිබදව ගත් තීන්දු තීරණ මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව ලංකා ගුරු සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සරත් රත්නායක මහතා පවසයි.
එමෙන්ම විද්‍යාපීඨ වලින් පැමිණි ගුරුවරු පුරප්පාඩු පවතින පාසල් වලට යනවා වෙනුවට ගුරු හිගයක් නැති පාසල් වලට ස්ථාන ගත කර තිබෙන බවත් මේ හේතුවෙන් දුෂ්කර සේවයේ අවුරුදු 5 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවත් රත්නායක මහතා සඳහන් කළේය.
ලංකා ගුරු සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සරත් රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
"අපි අද දවසේ මේ අවස්ථාව උදා කර ගත්තේ ඌව පලාතේ පලාත් ගුරුමාරු මණ්ඩලය විසින් 2023 වර්ෂයට අදාළව ගුරුවරුන් ස්ථාන මාරු කිරීම පිළිබදව ගත්ත තීන්දු තීරණ මේ දක්වා ක්‍රියාත්මක වී නොපවතින වාතාවරණයක් තුළ.
විශේෂයෙන්ම 2023 වර්ෂයට අන්තර් පළාත් හා අන්තර් කලාප වශයෙන් ගුරුවරුන් ස්ථාන මාරු ඉල්ලා සිටි අවස්ථාවේ පළාත් ගුරුමාරු මණ්ඩලේ විදිහට ලැබුනු ඉල්ලුම්පත්‍ර සලකලා බලලා ගුරුවරුන් 400කට අධික ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් නිර්දේශ කරලා තියෙනවා.
එම ගුරුභවතුන්ට ජනවාරි පෙබරවාරි මාස වන විට ස්ථාන මාරු අයිතිවාසිකම තිබුනත් මේ දක්වා එම ගුරුභවතුන්ට ඒ ස්ථාන මාරු ලැබිලා නෑ. ඊට ප්‍රධාන හේතුව වුනේ ඌව පලාතේ දැනට පවතින ගුරු හිගය.
ඒ සදහා යම් පිලියමක් වශයෙන් විද්‍යාපීඨ ගුරුවරුන්ගේ පැමිණිමෙන් පසු ඒ ගුරුභවතුන්ට අන්තර් කලාප හා අන්තර් පළාත් වලට යන ගුරුවරුන්ට ස්ථාන මාරු ලබා දීමේ යම් එකගතාවයක් අධ්‍යාපන බලධාරීන් අතර තිබුණා.
නමුත් පහුගිය සතියේ විද්‍යාපීඨ වලින් පැමිණි ගුරුවරු 570කට පමණ පත්වීම් ලිපි ලැබුණා. ඔවුන්ට දුෂ්කර කලාප වලට සහ පුරප්පාඩු පවතින පාසල් වලට යනවා වෙනුවට දැනටමත් අපි දන්නවා බදුල්ල හා බණ්ඩාරවෙල එතරම්ම ගුරු හිගයක් නැති ඉතා ප්‍රියමනාප පාසල් වලටත් ඒ ගුරුභවතුන් ස්ථාන ගත කරලා තියෙනවා.
මේ තුලින් දැඩි අසාධාරණයක් වෙලා තියෙනවා දුෂ්කර සේවයේ අවුරුදු 05කට වැඩියෙන් යෙදුණු ගුරුභවතුන් ඔවුන් බලාපොරොත්තුවෙන් හිටියා ඔවුන්ගේ මාරුවීම් නියමිත කාලයේදී ක්‍රමානුකූලව ලැබෙයි කියලා.
ඒ බලාපොරොත්තු සුණුවිසුණු කරමින් ඌවේ අධ්‍යාපන බලධාරීන් හා දේශපාලන මැදිහත්වීම මත විද්‍යාපීඨ ගුරුභවතුන් ඉතා ප්‍රියමනාප පාසල් වලට පුරප්පාඩු නොමැතිව ස්ථාන ගත කරලා තියෙනවා.
මේ තත්වය යටතේ බලවත් අසාධාරණයකට පත්වෙලා තියෙනවා 2023 වර්ෂයේ මාරුවීම් අපේක්ෂා කරපු ගුරුභවතුන්. ගුරුභවතුන්ට තමන්ගේ ගම් පලාතට යන්න තිබුණු අවස්ථාව මගහැරිලා තියෙනවා.
ඒත් එක්කම ඒ අයට විශාල අසහනකාරී තත්වයක තමයි සේවය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ අබුදරුවොත් එක්ක තමන්ගේ ගම් පලාතේ සේවය කරන්න බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තුව බිද වැටිලා තියෙනවා.
ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට දැඩිව අවධාරණය කරලා කියනවා මේ අනීතික ක්‍රියාව විශේෂයෙන් දේශපාලන මැදිහත් වීම මත ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන යන අදූරදර්ශී ක්‍රියාමාර්ගය නවත්තලා වහාම විධිමත් ආකාරයට මේ ගුරුභවතුන් ස්ථාන ගත කරන්න පත්වීම් ලබා දෙන්න කියන එක.
දැන් මේ පත්වීම් ලිපි නිකුත් කරලා සතියකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් බොහෝ ගුරුභවතුන් තව වැඩභාරගෙන නෑ හේතුව තමයි සමහර ගුරුවරුන් නවක ගුරුභවතුන් ඒ ස්ථාන ගත කිරීම වෙනස් කරගෙන අධ්‍යාපන බලධාරීන් හා දේශපාලනඥයින්ගේ උවමනාව මත වෙනස් කර ගනිමින් ඉතා ප්‍රියමනාප පාසල් වලට ගිහිල්ලා වැඩභාරගෙන තියෙනවා.
ඒ නිසා අනෙකුත් ගුරුභවතුන් හිතනවා අපි දුෂ්කර ස්කෝල වලට යන්න ඕන නෑ අපටත් වෙනස් කර ගන්න පුලුවන් කියලා අධ්‍යාපන අමාත්‍යංශයේ මේ අය පේලි ගැහිලා ඉන්නවා දකින්නට ලැබෙනවා. මේක ඌවේ අධ්‍යාපන බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ගය නිසා ඇතිවෙලා තියෙන තත්වයක්.
මේක ඌව පලාත පලාතක් විදිහට අධ්‍යාපනයේ පසුබෑමක් ඇතිවෙන්නට, ග්‍රාමීය පලාත් වල ගුරුහිගය තවත් වැඩි වෙන්නට හේතුවක් වෙනවා. එතකොට අපි දන්නවා පසුගිය මාස කිහිපය තුල ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යංශය ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හා පලාත් ගුරුමාරු ප්‍රතිපත්තියට පටහැනිව යමින් 400කට වැඩි ගුරු පිරිසක් ස්ථාන මාරු කරලා තියෙනවා.
පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාප කාර්යාල දන්නේ නෑ ඒ ගුරුභවතුන් පාසල් වලින් වෙනත් පාසල් වලට දාලා ඒ ගුරුභවතුන්ට බොහෝ අයට කාලසටහන් පවා නෑ .
ඒ නිසා ග්‍රාමීය පලාත් වල දරුවන්ට ඉගෙනීමට තියෙන අයිතිය මේ මගින් පැහැරගෙන තියෙනවා. ඒ වගේම ස්ථාන මාරු නියමිත ආකාරයට බලාපොරොත්තු වෙච්ච ගුරුවරුන්ට ඒ ස්ථාන මාරු නොලැබී ගිහින් තියෙනවා. ඒ නිසා මොවුන්ගේ මූලික අයිතියක් තමන් දුෂ්කර සේවය කරලා යන්න බලාපොරොත්තු වුන පාසල් වලට යන්න නොලැබුණු එක බලවත් අසාධාරණයක්.මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හැටියට තමයි ශ්‍රී ලංකා ගුරු සංගමය දකින්නේ.
මේ දවස් වල සමාජයේ බලවත් කතාබහට ලක්වෙලා තියෙනවා යෝජිත විකාශන පනත පිලිබදව. අපි බොහෝ දේවල් දැන ගන්නේ මාධ්‍ය තුලින්. මාධ්‍ය තුලින් දැන ගැනීමේ පුරවැසියාට තිබෙන අයිතිය වහන්න , සීමා කරන්න, නැති කරන්න ගන්න මේ උත්සහය අපි දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර ලංකා ගුරු සංගමය විදිහට අපි මෙවැනි අණපනත් තුලින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කිරීමට එරෙහිව ක්‍රියා කරනවා කියන කාරනයත් මේ අවස්ථාවේදී මතක් කරනවා.’’