Skip to content

සුද්දන්ටත් අවුරුදු

සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද "සුද්දන්ටත් අවුරුදු" නම්වූ අළුත් අවුරුදු උත්සවයක් 14 වෙනිදා සවස මාරවිල ක්ලබ් ෆාර්ම් බේ හෝටලයේදී පවත්වන ලදි.

කනා මුට්ටිය බිදීම,කොට්ටා පොරය,අලියට ඇස තැබීම,කඹ ඇදීම,හොදම හිනාව,ඔන්චිලි පැදීම,රබන් ගැසීම,අවුරුදු කුමාරා සහ කුමරිය තේරීම ඇතුළු තරග රාශියක් මෙහිදී පවත්වන ලදි.සෑම තරග ඉසව්වක් සදහාම දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එක්ව සිටි ආකාරයද දක්නට ලැබුණි.තරග වලින් ජයග්‍රහණය කරන ලද අය සදහා ත්‍යාග ප්‍රධානය කිරීම එම අවස්ථාවේදීම සිදු කරන ලදි.

අළුත් අවුරුදු චාරිත්‍ර අනුගමනය කරමින් අහාර අනුභවයද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.

Latest