Skip to content

කුඩයක් නිසා ගැටුමක් - දෙදෙනෙක් රෝහලේ

බලන්ගොඩ  මැද්දෙකන්ද  කබරගල වතුයායේ කුඩයක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදු වු ගැටුමකදී පුද්ගලයන් දෙදෙනකු කැපුම් තුවාල සහිතව ඊයේ (01) බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

එම පහර දීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

කුඩයක් සම්බන්ධයෙන් කබරගල වතුයායේ දමිළ පිරිසක් අතර බහින් බස් වීමක් ඇති වී තිබෙන බවත් එය දුරදිග යැමෙන් දෙපිරිස අතර ගැටුමක් ඇති වී තිබෙන බව පොලිසිය පවසයි.

එහිදී පුද්ගලයන් දෙදෙනකුට අයුධ වලින් පහර දී ඔවුහු කැපුම් තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇත.

පහරදීමට සම්බන්ධයැයි කියන අත්අඩංගුවට ගත් සැකකරුවන් බලන්ගොඩ කබරගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Latest